අද මම අරන් ආවේ මේ අප්‍රේල් මාසේ (2026) රිලීස් වුණු, ඇස් දෙක පියාගන්න හිතෙන්නේ නැති තරම් ලස්සන ආර්ට් ස්ටයිල් එකක් තියෙන අලුත්ම ඇනිමේ එකක් ගැන. ඒ තමයි “Witch Hat Atelier” (ජපන් නම: Tongari Bōshi no Atorie). 😚
මේක නිකන්ම නිකන් අර හැමදාම දකින මැජික් කතාවක් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් දකින්නේ කටින් මන්ත්‍ර කියලා, නැත්නම් පොලු වලින් මැජික් කරනවනේ. හැබැයි මේකෙ මැජික් කරන්නේ “අඳින” එකෙන්!
කතාවේ ප්‍රධාන චරිතය තමයි Coco (කෝකෝ). මෙයාට පොඩි කාලේ ඉඳන්ම ඕන වෙන්නේ මායාකාරියක් වෙන්න. හැබැයි මේ ලෝකේ හැටියට මායාකාරියන් වෙන්න පුළුවන් උපතින්ම ඒ හැකියාව තියෙන අයට විතරයි. ඉතින් අපේ කෝකෝ දුකෙන් හිටියට, දවසක් එයාට රහසක් හොයාගන්න ලැබෙනවා. ඒ තමයි මැජික් කියන්නේ උපතින් එන දෙයක් නෙමෙයි, විශේෂ තීන්ත ජාතියකින් රහස් රටා අඳින එකක් කියලා!
මේ ඇත්ත දැනගත්තට පස්සේ කෝකෝට කීෆ්රී කියන සුපිරි මායාකාරයාව හම්බවෙනවා. එතනින් පස්සේ කෝකෝගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා, එයා මායා ලෝකෙට යන ගමන තමයි මේකේ තියෙන්නේ.
ඔයාලට මතකද අර අමුතුම විදිහට, කලර්ෆුල් වුණ Zom 100: Bucket List of the Dead ඇනිමේ එක? අන්න ඒ ස්ටූඩියෝ එකෙන් තමයි මේකත් කරන්නේ. ඉතින් ඇනිමේෂන් කොලිටිය ගැන නම් අහන්න දෙයක් නෑ. මේකේ ලයිටිං, කලර්ස්, සහ මැජික් අඳින සීන්ස් පිස්සුවක් වගේ ලස්සනයි.
මේක බලද්දී නිකන් අර Ghibli ස්ටූඩියෝ එකේ ෆිල්ම් එකක් බලනවා වගේ අමුතු, සන්සුන් ඒත් ලස්සන වයිබ් එකක් එනවා. හැබැයි මේ කියුට් පෙනුමට යටින් හැංගිච්ච dark රහස් ගොඩකුත් මේ ලෝකේ තියෙනවා.
මේකේ ලොකුවට ලේ වැගිරෙන ඇක්ෂන් නැති වුණාට, කතාවේ තියෙන කුතුහලය නිසා බලන්න පටන් ගත්තොත් නවත්තන්න හිතෙන්නේ නෑ.
ඔයා ආස නම් ලස්සන කතාන්දරයක් එක්ක, ටිකක් වෙනස් විදිහේ ෆැන්ටසි ලෝකයක් අත්විඳින්න, මේක ඔයාටම හදපු එකක්. පළවෙනි එපිසෝඩ් එක බැලුව ගමන් ඔයාටත් හිතෙයි “අම්මෝ මේකේ ලස්සන” කියලා. ඉතින් වැඩි කතා ඕනේ නෑ, ලස්සනම ලස්සන මායා ලෝකයක අතරමං වෙන්න අදම Witch Hat Atelier බලන්න පටන් ගන්න! 🤗


