
ඔන්න අද මම අරන් ආවේ අපි අවුරුදු 10ක් තිස්සේ ආදරේ කරපු කතාවක අන්තිම සමුගැනීම ගැන විස්තරේ. ඔව්, 2025 දී Season 8 (අවසන් සීසන් එක) ඉවර වුණාට පස්සේ අපි හැමෝම බලාගෙන හිටපු විශේෂ එපිසෝඩ් එක තමයි මේ පහුගිය මැයි 2 වෙනිදා (2026) රිලීස් වුණ “My Hero Academia: More” (Episode 170+1). 😚
මේක නිකන්ම එපිසෝඩ් එකක් නෙමෙයි, මේක තමයි අපේ Deku ගේ සහ Class 1-A එකේ වීරයන්ගේ කතාවේ නියමම අවසානය !
🕰️ අවුරුදු 8කට පස්සේ… (The 8-Year Timeskip)
අවසන් මහා සටනින් පස්සේ මොකද වුණේ? මංගා එකේ අන්තිම Volume 42 (Chapter 431) එකේ තිබුණු, හැබැයි ඇනිමේ Season 8 එකට දාන්න බැරි වුණු කොටස තමයි මේ “More” Special Episode එකෙන් පෙන්වන්නේ.
මෙතන තියෙන්නේ ලොකු විලන්ලා එක්ක කරන සටන්වත්, ලෝකය බේරගන්න දරන උත්සාහයන්වත් නෙමෙයි. ලෝකෙට සාමය ගෙනාවට පස්සේ, අවුරුදු 8ක් ගතවුණාම අපේ වීරයෝ කොහොමද එයාලගේ සාමාන්‍ය ජීවිතේ ගෙවන්නේ කියන එකයි මේකෙන් බලාගන්න පුළුවන්. ඒ කියන්නේ මේක හරියට “Where are they now?” (අපේ වීරයෝ දැන් කොහෙද?) කියන එකට දෙන ලස්සනම උත්තරේ.
ලේ වැගිරෙන සටන් වලට පස්සේ Deku ඇතුළු යාලුවෝ ටික නිදහසේ ඉන්නවා දකින එක ඇනිමේ ෆෑන්ස්ලා හැමෝටම මාරම සතුටක්. විශේෂයෙන්ම “THE REVO” ඕපනින්ග් එකත් එක්ක පටන් ගද්දිම ඇඟට අමුතුම හැඟීමක් එනවා.
මේකේ ගොඩක්ම ෆෝකස් වෙන්නේ Ochaco Uraraka සහ Deku ට. මේ දෙන්නගේ සම්බන්ධය ගැන මංගා එකේ තිබුණටත් වඩා ලස්සනට ඇනිමේ එකේ පෙන්වනවා. එපිසෝඩ් එකේ නම වෙන “More” කියන එකෙන් අදහස් වෙන්නේ, “තව තවත් එකට කාලය ගත කරන්න ඕනේ” කියන එකයි.
2016 පටන් ගත්ත My Hero Academia මේ අවුරුද්දේ (2026) තමන්ගේ 10 වෙනි සංවත්සරය සමරනවා. මේ එපිසෝඩ් එක තමයි MHA කතාව අපිට කියන නිල සමුගැනීම. “Plus Ultra” කියන වචනෙත් එක්ක ලොකු වුණු අපිට, මේක ඇත්තටම අඬන්න හිතෙන තරම් සුන්දර අවසානයක්.
ඉතින්, තාමත් මේ Special Episode එක බැලුවේ නැත්නම්, අනිවාර්යයෙන්ම බලන්න. මොකද මේකෙන් පස්සේ ආයෙත් මේ වීරයෝ ටික අපිට දකින්න හම්බවෙන්නේ නෑ. ගොඩක් අය කියන විදිහට මේක තමයි අවුරුදු 10ක ඇනිමේ එකකට දෙන්න පුළුවන් හොඳම සහ සාධාරණම එන්ඩින්ග් එක! 💚🔥

I glad i find this website thank for giving this all wonderful anime tv series and movies ❤️
supiri