ඔන්න ඉතිං අපේ ප්‍රධාන චරිතය වන ෂෝ යැන්, පුහුණුවෙන්න යාඕ ලාඕ එක්ක නගරයෙන් පිටත් උනා (ලාඕ = වයසක පුද්ගලයන්ට කරන ආමන්ත්‍රණයක්). ඉතිං යාඕ ලාඕ, ෂෝ යැන්ට බර ලොකු දණ්ඩක් වගේ ආයුධයක් දෙනවා. ඒක කතාවෙදි පාලකය(රූලර් එක) කියලා හදුන්වලා දෙනවා. මේක පාවිච්චි කරලා ෂෝ යැන්ගෙ පුහුණුවීම් කරන අතරෙදි මෙයාලට මෘගයෙකුගේ පහරදීමට ලක්වෙන කෙල්ලෙක් මුණගැහෙනවා. එයාගෙ නම තමයි ෂෝ යිෂියැන්(පුංචි සුරංගනා වෛද්‍යවරිය). මෙයා කරන්නෙ තුවාල උනු කුලී හේවායන්ට, ගම්මුන්ට ප්‍රතිකාර කරනවා වගේ දේවල්. මේ දෙන්නා යාලුවෝ උනාට පස්සෙ කැලේ තිබුණු නිධානයක් හොයාගන්නවා. එතන පෙට්ටගම් තුනක් තියනවා. ඒවා අරින්න යතුරු තුනක් ෂෝ යැන්ට හම්බවෙනවා. එක පෙට්ටියකින් ෂෝ යැන් අතීතයේ පැවතුනු පියාසර තාක්ෂණයක් වෙන “දම්පාට වලාකුලු පියාපත්” හොයාගන්නවා. අනිත් පෙට්ටගමෙන් ෂෝ යිෂියැන්ට විෂ පාලනය ගැන ලියවිල්ලක් හමුවෙනවා. තුන්වන පෙට්ටගම අරින්න කලින් මේ දෙන්නට “වෘක හිස කියන කුලී හේවා කණ්ඩාමෙන් පහර දෙනවා. එවෙලෙ මේ දෙන්නට බේරිලා යන්න පුලුවන් උනත්, පස්සෙ වෙලාවකදි ෂෝ යිෂියැන්ව වෘක හිසේ කණ්ඩායමෙන් අල්ලගන්නවා. ඇයව බේරගන්න නම් තුන්වෙනි පෙට්ටගමේ යතුර බාරදීලා යටත්වෙන්න කියලා ෂෝ යැන්ට පණිවිඩයක් යවනවා. දැන් ෂෝ යැන් ඒ කල්ලියට මුහුන දෙන්න ඕන නිසා මායා මෘග කඳුපන්තිය ඇතුලෙ පුහුණුවෙන ගමන් තමන්ගෙ ශක්තිය වැඩි කරගන්නවා.
ඉතිං මේ කියපු දේවල් පලවෙනි සීසන් එකේ රීමේක් එකේ සඳහන් වෙන්නෙ නෑ. ඔයාලට බලන්න ඕනමනම් පළවෙනි සීසන් එක හොයාගෙන බලන්න. අපි ඒක දෙන්නෙ නැත්තෙ පලවෙනි සීසන් එකේ ඇනිමේශන්, චරිත ගොඩක් වෙනස් නිසා.













Ikmnt oneeeee 🙃👍