1
00:00:00,043 --> 00:00:02,503
..කුළුණ, 1වන මහල: කප්පාදු කිරීමේ දොරටුව..

2
00:00:03,153 --> 00:00:08,513
..අර අයිස් කොල්ලා ඇරුණම,
මට වෙන බලාපොරොත්තු තියාගන්න පුළුවන් මායාකාරයෙක් පේන්න නෑ...

3
00:00:05,303 --> 00:00:08,513
..සුළං කණ්ඩායමේ නායකයා
..අර්වින් ඕරස්....

4
00:00:08,913 --> 00:00:15,263
..නෑ... හොඳට හරි නරකට හරි,
අවධානය දිනාගත්ත තව කෙනෙක් ඉන්නවා...

5
00:00:09,263 --> 00:00:13,013
..අයිස් කණ්ඩායමේ සහායක
..සරිසා ඇල්ෆෙල්ඩ්....

6
00:00:21,143 --> 00:00:24,403
..ඔයා මඟහරිනවා විතරනේ! 
මොකද කරන්නේ, කම්මැලියා?!..

7
00:00:24,403 --> 00:00:26,533
..එයා වැරදියි.
ඒක.....

8
00:00:26,923 --> 00:00:28,533
..එයා බලාගෙන ඉන්නේ...

9
00:00:29,043 --> 00:00:31,243
..කිකී, මට මේක තනියම කරන්න දෙන්න...

10
00:00:32,853 --> 00:00:37,123
..<i>කලින් තිබ්බ ඒ දුක්මුසු මූණ... 
මේක ගැන නේද, එල්ෆි?</i>..

11
00:00:37,653 --> 00:00:40,123
..<i>ඔයා කිව්වේ, 
"මට ඔයාව තෝරගන්න බැරි වුණ එකට සමාවෙන්න" කියලනේ.</i>..

12
00:00:41,203 --> 00:00:42,883
..<i>ඒත් කමක් නෑ.</i>..

13
00:00:43,393 --> 00:00:47,133
..<i>මම එතනට එනවා 
මගේම කකුල් දෙකෙන්!</i>..

14
00:00:59,903 --> 00:01:00,853
..එයා හරි වේගවත්!..

15
00:01:00,853 --> 00:01:02,633
..නෑ, ඊටත් වඩා.....

16
00:01:00,983 --> 00:01:03,483
..එල්ෆ් කණ්ඩායමේ සහායක
..ෆිල්විස් චැලියා....

17
00:01:00,983 --> 00:01:03,483
..එල්ෆ් කණ්ඩායමේ සහායක
..ලෙෆියා විරිඩිස්....

18
00:01:02,633 --> 00:01:03,483
..එයා ගොඩක් ශක්තිමත්...

19
00:01:03,803 --> 00:01:06,983
..සොක්ටෝනියාවක් දෙකට පලනවා 
ඒකේ පළිහටත් උඩින්.....

20
00:01:04,113 --> 00:01:06,983
..ගිනි කණ්ඩායමේ සහායක
..ලොග්වෙල්....

21
00:01:07,073 --> 00:01:10,903
..විදුලි කණ්ඩායමේ සහායක
..ගිල්ෆෝර්ඩ් සර්ගාස්....

22
00:01:07,263 --> 00:01:10,313
..එයා තමන්ගේ ප්‍රතිවාදියාගේ හැම 
චලනයක්ම කලින්ම දැකලා තියෙනවා...

23
00:01:10,313 --> 00:01:12,033
..ඒත් මෙච්චර කෙටි කාලයකින්?..

24
00:01:12,433 --> 00:01:14,743
..<i>මම ඒ ප්‍රහාරය කලින්ම දැක්කා!</i>..

25
00:01:15,863 --> 00:01:18,293
..<i>මට දැන් මගේ ප්‍රතිවාදියාගේ චලනයන් 
කලින්ට වඩා හොඳට පේනවා!</i>..

26
00:01:18,743 --> 00:01:21,023
..<i>මේ ග්ලෝරියා ඇඳුම හරිම සැහැල්ලුයි වගේම නම්‍යශීලීයි!</i>..

27
00:01:21,023 --> 00:01:23,003
..<i>මේක ඇඳගෙන එහෙ මෙහෙ යන්න හරි ලේසියි!</i>..

28
00:01:23,003 --> 00:01:25,503
..<i>මිස්ටර් ඩොනන් හදපු මේ කඩුවට
ඕනම දෙයක් කපන්න පුළුවන්!</i>..

29
00:01:25,803 --> 00:01:29,033
..<i>දැන් නම්, මට ඕන දෙයක් කරන්න පුළුවන් වගේ දැනෙනවා!</i>..

30
00:01:33,883 --> 00:01:35,763
..තව එනවාද?!..

31
00:01:37,893 --> 00:01:39,603
..ග්ලේස් ඉටියර්!..

32
00:01:41,013 --> 00:01:41,933
..ඒක හොඳ නෑ!..

33
00:01:41,933 --> 00:01:42,813
..අයාලේ යන පහරක්—..

34
00:01:43,563 --> 00:01:45,583
..ජුලියස්, සමාවෙන්න!
මම මේක ණයට ගන්නවා!..

35
00:01:54,573 --> 00:01:56,703
..සම්පූර්ණයෙන්ම ආරෝපණය වුණා.....

36
00:01:57,663 --> 00:01:59,203
..ග්ලවුස් විස්!..

37
00:01:59,583 --> 00:02:00,733
..විල්!..

38
00:02:02,503 --> 00:02:03,733
..ලෝඩ්!..

39
00:02:03,733 --> 00:02:04,813
..බර්ස්ට්!..

40
00:02:08,973 --> 00:02:10,593
..ග්ලවුස් මිල්!..

41
00:02:15,843 --> 00:02:17,433
..දැන් මොකක්ද වුණේ?..

42
00:02:17,433 --> 00:02:21,853
..හිම කුණාටුවක් එක්ක කඩු-සුළං මායාවක්?
පොඩ්ඩක් ඉන්න, ඒක ඇත්තටම මායාවක්ද?..

43
00:02:22,283 --> 00:02:25,533
..ඒ අපි ටර්මිනාලියාවෙදි දැකපු 'විස්' ද?..

44
00:02:26,603 --> 00:02:28,563
..අනේ දෙවියනේ...

45
00:02:27,023 --> 00:02:30,193
....ක්ලෙයරි සේරා..

46
00:02:28,563 --> 00:02:31,333
..එයා ගිහින් අර සොක්ටෝනියා ඔක්කොම පරාද කළා...

47
00:02:31,333 --> 00:02:32,613
..අපි මේකට මොකද කරන්නේ?..

48
00:02:50,573 --> 00:02:52,763
..ඇල්බිස් වීනාගෙන් ආශිර්වාදයක්...

49
00:02:53,203 --> 00:02:54,933
..අයිස් කණ්ඩායම එයාව තෝරගෙන...

50
00:02:55,773 --> 00:02:57,263
..එච්චරක් නෙමෙයි!..

51
00:02:57,263 --> 00:03:00,763
..ඉන්සින්ඩියා බාර්හැම්ගෙනුත්!
ඒ ගිනි කණ්ඩායම!..

52
00:03:00,763 --> 00:03:02,013
..එල්ෆ් කණ්ඩායම
..විග්නෝල් ලින්ඩෝර්....

53
00:03:01,203 --> 00:03:02,013
..ඒ වගේම.....

54
00:03:02,013 --> 00:03:03,023
..<font size="12">පෘථිවි කණ්ඩායමේ සහායක
<font size="16"> ෆෲන් ඕව්ඩැටිඩ්....

55
00:03:02,013 --> 00:03:03,023
..<font size="12">පෘථිවි කණ්ඩායමේ නායකයා
<font size="16">වෝර්ගන්ස් ප්‍රෙහ්නයිට්....

56
00:03:02,013 --> 00:03:03,023
..<font size="12">පෘථිවි කණ්ඩායමේ සහායක 
<font size="16">හැමන් ෆොසිලිස්....

57
00:03:02,453 --> 00:03:04,023
..පෘථිවි, සුළං.....

58
00:03:04,353 --> 00:03:06,273
..අඳුරු කණ්ඩායම..

59
00:03:04,573 --> 00:03:06,273
..අඳුරු කණ්ඩායමෙනුත්!..

60
00:03:06,393 --> 00:03:09,233
..ඉහළ ආයතනයේ අධ්‍යක්ෂ 
හා වර්ණ රහිත කණ්ඩායමේ නායකයා

61
00:03:06,673 --> 00:03:09,883
..එයා එකකට වඩා හැකියා තියෙන මල්ටෝස් කෙනෙකුත් නෙමෙයි,..

62
00:03:09,883 --> 00:03:13,303
..ඒත් කණ්ඩායම් පහකින්ම 
එයාට ආශිර්වාද ලැබිලා!..

63
00:03:09,903 --> 00:03:13,113
..ඉහළ ආයතනයේ අධ්‍යක්ෂවරයාගේ සහායක 
..චාල්ස් ලෝවර්....

64
00:03:13,653 --> 00:03:17,033
..මට විශ්වාස කරන්නත් බැහැ.
මේ වගේ දෙයක් කලින් වෙලාම නෑ නේද?..

65
00:03:17,153 --> 00:03:19,413
..ගිනි කණ්ඩායම
..සියොන් අල්ස්ටර්....

66
00:03:19,413 --> 00:03:21,663
..එයා ගිහින් ඔක්කොම ගෞරවය හොරකම් කළා...

67
00:03:26,013 --> 00:03:28,363
..ආශිර්වාද කීපයක්ම ලැබුණ අවස්ථාවකදි,..

68
00:03:28,363 --> 00:03:31,243
..ඒ අදාළ පුද්ගලයාට කණ්ඩායමක් තෝරාගන්න අයිතිය තියෙනවා...

69
00:03:32,163 --> 00:03:35,673
..විල් සර්ෆෝර්ට්, ඔයා එකතු වෙන්න 
කැමති මොන කණ්ඩායමටද?..

70
00:03:43,453 --> 00:03:44,563
..මම.....

71
00:03:44,563 --> 00:03:45,753
..පොඩ්ඩක් ඉන්න...

72
00:03:50,153 --> 00:03:53,823
..එයාගේ "මායාව" කියන්නේ 
අපි මායාවක් කියලා කියන දේ නෙවි.

73
00:04:00,000 --> 00:04:30,000
<b><font color="#08FF00">SL Anime වෙනුවෙන් උපසිරැසි ගැන්වීම Sachii Iloni  විසිනි</font>

74
00:05:30,883 --> 00:05:34,243
..ටර්මිනාලියා සිදුවීමේදි ඔයා දක්වපු දායකත්වය අපි සැලකිල්ලට ගත්තා,..

75
00:05:34,243 --> 00:05:36,803
..ඒ ගෞරවය වෙනුවෙන්
ඔයාට කුළුණට නගින්න අවසර ලැබුණා...

76
00:05:36,803 --> 00:05:38,253
..ඒක හොඳයි කියමුකෝ...

77
00:05:38,523 --> 00:05:43,133
..ඒත් අපේ කීර්තිමත් කණ්ඩායමකට 
ඔයාව බඳවා ගන්න තරම් ඔයාට සුදුසුකම් තියෙනවද?..

78
00:05:43,133 --> 00:05:45,363
..මට එහෙම හිතෙනවා...

79
00:05:46,293 --> 00:05:48,953
..ඔයා දැක්කේ නැද්ද, ක්‍රොයිට්ස්?..

80
00:05:49,433 --> 00:05:51,893
..දැන්, එයා මායා මන්ත්‍රයක් පාවිච්චි කළා...

81
00:05:52,203 --> 00:05:54,783
..මම බලාගෙනයි හිටියේ, එල්ෆාරියා ආර්යාව...

82
00:05:55,383 --> 00:05:57,523
..කොහොම වුණත්, එයා මායාවක් 
පාවිච්චි කළා කියලා ඔයා කිව්වට,..

83
00:05:57,523 --> 00:06:00,153
..එයා කළේ වෙන කෙනෙක්ගේ මන්ත්‍රයක් වෙනස් කරලා පාවිච්චි කරපු එක විතරයි...

84
00:06:00,703 --> 00:06:03,763
..එයාගේ ඇත්ත ස්වභාවය කොහොමටවත් 
මායාකාරයෙක්ගේ නෙමෙයි,..

85
00:06:03,763 --> 00:06:06,033
..හරිම දරුණු රණශූරයෙක්ගේ ස්වභාවයක්...

86
00:06:06,693 --> 00:06:10,323
..අපි මේ කුළුණට පිළිගන්න හදන්නේ වාමනයෙක්ට වඩා හොඳ නැති කෙනෙක්ව...

87
00:06:10,323 --> 00:06:13,163
..ලෝකය අපිට මොන වගේ චෝදනා කරයිද?..

88
00:06:13,983 --> 00:06:16,673
..ඒක හිතනකොටත් බය හිතෙනවා...

89
00:06:17,053 --> 00:06:19,923
..කෙලින් කතා කරන්න.
ඔයා මොකක්ද මේ කියන්න හදන්නේ?..

90
00:06:20,363 --> 00:06:23,283
..මේකයි, සරලවම, එලනෝර් ආර්යාව...

91
00:06:23,283 --> 00:06:26,433
..එයාට යෂ්ටියක් විදිහට පොඩි හරි හැකියාවක් තියෙනවා නම්,..

92
00:06:26,433 --> 00:06:28,743
..එයා ඒක අපිට ඔප්පු කරලා පෙන්නන්න ඕනේ...

93
00:06:41,733 --> 00:06:45,763
..අපි මේ මායා සත්තුන්ව හැදුවේ 
වාමනයිනව යටපත් කරන අරමුණෙන්...

94
00:06:45,763 --> 00:06:47,493
..මේගොල්ලෝ තමයි වෝර්ස් ඌස්ලා...

95
00:06:47,493 --> 00:06:49,203
..බලන්නකෝ...

96
00:06:49,203 --> 00:06:50,483
..ක්‍රිස්ටෝ රීත්...

97
00:06:54,153 --> 00:06:55,243
..ඔබට පේනවා ඇති,..

98
00:06:55,243 --> 00:06:58,963
..පහළ මට්ටමේ මන්ත්‍රවලින් එන මායා ශක්තියක් වැදුණත් උන් විනාශ වෙලා යනවා...

99
00:06:58,963 --> 00:07:02,463
..වෙන විදිහකින් කිව්වොත්, ඇලෙන සුළු දියරයකින් හැදිලා තියෙන මේ සත්තුන්ව,..

100
00:07:02,463 --> 00:07:06,223
..මායා ශක්තියක් නිපදවන්න බැරි කිසිම කෙනෙක්ට විනාශ කරන්න බැහැ...

101
00:07:13,853 --> 00:07:15,853
..<i>මගේ කඩුවෙන් කිසිම වැඩක් නෑ!</i>..

102
00:07:16,243 --> 00:07:18,103
..<i>ඒක හරියටම අර බෝල්කර් එක්ක සටන් කරපු වෙලාවේ වගේ!</i>..

103
00:07:19,023 --> 00:07:22,523
..<i>මුන් හැම භෞතික ප්‍රහාරයක්ම වළක්වනවද?</i>..

104
00:07:28,283 --> 00:07:30,913
..ඔයා දැන් මේකට මොකද කරන්නේ?..

105
00:07:31,393 --> 00:07:34,023
..ක්‍රොයිට්ස් කියන කතාවේ තේරුමක් තියෙනවා...

106
00:07:34,503 --> 00:07:36,963
..අපි එයාට මේ වගේ එක සටනක් 
කරලා පෙන්නන්න කියමු...

107
00:07:37,773 --> 00:07:41,413
..මැජියා වැන්ඩර් කෙනෙක් විදිහට, මට මේක කියන්නම වෙනවා.....

108
00:07:41,413 --> 00:07:44,053
..මේ කුළුණ තමයි මායා ලෝකයේ මුදුනත...

109
00:07:44,053 --> 00:07:49,193
..තමන්ගේම කියලා මායාවක් පාවිච්චි කරන්න බැරි කඩුවකට මෙතනින් ඉස්සරහට යන්න අවසර ලැබෙන්නේ නෑ...

110
00:07:51,643 --> 00:07:54,393
..<i>මම කොච්චර කැපුවත්, වැඩක් වෙන්නේ නෑ!</i>..

111
00:07:54,393 --> 00:07:58,523
..<i>ඒත් මේ වගේ සත්තුන්ට හැමතිස්සෙම හරයක් තියෙනවා!</i>..

112
00:07:58,523 --> 00:08:00,193
..<i>මට ඒක පොඩි කරන්න පුළුවන් වුණොත්...</i>..

113
00:08:04,113 --> 00:08:05,613
..කොච්චර අදූරදර්ශීද...

114
00:08:07,823 --> 00:08:10,113
..උන්ගේ ශරීර දියර බවට පත් කරන්න පුළුවන් නම්,..

115
00:08:10,113 --> 00:08:13,803
..උන්ගේ හරයටත් ඒ දේම කරන්න පුළුවන් කියලා ඔයා හිතුවේ නැද්ද?..

116
00:08:14,243 --> 00:08:17,753
..අපිව අවතක්සේරු කරන්න එපා.
මේක තමයි පරිපූර්ණ මායාව...

117
00:08:17,753 --> 00:08:19,253
..මේ තමයි කුළුණ!..

118
00:08:20,873 --> 00:08:22,203
..<i>විදුලි විසර්ජනයක්?</i>..

119
00:08:27,883 --> 00:08:31,313
..වාමනයෙක්ව වුණත් නවත්වන්න පුළුවන් 
බලවත් කම්පනයක්.....

120
00:08:31,313 --> 00:08:34,893
..ඔයා හදන දේවල් 
හැමදාම හරිම දරුණුයි, ක්‍රොයිට්ස්...

121
00:08:38,603 --> 00:08:39,643
..හේයි.....

122
00:08:39,923 --> 00:08:41,183
..මේක නරකයි නේද?..

123
00:08:41,623 --> 00:08:43,653
..මේ යන විදිහට, එයාට.....

124
00:08:52,793 --> 00:08:56,163
..අපිත් දැන් ඉහළ මායාකාරයෝ!..

125
00:08:56,583 --> 00:09:00,163
..අපේ මායාවෙන් එයාට අර 'විස්' කියන එක 
පාවිච්චි කරන්න දුන්නොත්.....

126
00:09:04,453 --> 00:09:06,453
..කිසිම අනවශ්‍ය දෙයක් කරන්න එපා...

127
00:09:06,803 --> 00:09:10,553
..මේක ඔයාලා දෙන්නාගේ 
පරීක්ෂණයක් නෙමෙයි...

128
00:09:10,553 --> 00:09:14,493
..අරමුණ පිටස්තර මූලද්‍රව්‍ය ඉවත් කරන එකයි.
මේක පරීක්ෂණ විභාගයක්...

129
00:09:30,813 --> 00:09:32,783
..<i>මට විශ්වාසයි ඔයාට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා!</i>..

130
00:09:32,783 --> 00:09:34,213
..<i>පුළුවන් නේද?!</i>..

131
00:09:53,243 --> 00:09:54,303
..<i>තවම නෑ...</i>..

132
00:09:55,693 --> 00:09:58,563
..මම තවම අත්හරින්නේ නෑ!..

133
00:10:04,973 --> 00:10:07,983
..මීට වඩා මේක අදින එක 
කාලය නාස්ති කිරීමක් විතරයි...

134
00:10:07,983 --> 00:10:10,823
..මම හිතුවා වගේම, එයා සුදුසු නැහැ...

135
00:10:13,323 --> 00:10:15,413
..මම විශ්වාස කරනවා එයා වර්ණ රහිතවම ඉන්න ඕනේ කියලා..

136
00:10:15,413 --> 00:10:20,303
..සහ අපේ ඉහළ ආයතනයේ 
පහළම ශ්‍රේණිවලට එයාගේ නම ඇතුළත් කරන්න ඕනේ කියලා...

137
00:10:20,303 --> 00:10:23,293
..ඩිවැන්ඩර්ව පරාද කරපු විස් කියන බලය,..

138
00:10:23,293 --> 00:10:25,993
..කිසිම අතිශයෝක්තියක් නැතුව, ඇත්තටම අතිවිශාලයි...

139
00:10:27,333 --> 00:10:29,803
..මම එයා තුළ තියෙන ඒ නොදන්නා දේ එළිදරව් කරලා..

140
00:10:29,803 --> 00:10:34,843
..ඒ බලයෙන් මායා ලෝකයට හොඳ සේවයක් වෙන බව සහතික කරන්නම්...

141
00:10:35,323 --> 00:10:37,973
..එතකොට එයා පරීක්ෂණාගාර සතෙක් වෙයිද?..

142
00:10:38,403 --> 00:10:42,873
..ඒකෙන් අදහස් කරන්නේ අපිට පස්වෙනි මූලද්‍රව්‍යය තේරුම් අරන් පාවිච්චි කරන්න පුළුවන් කියන එක නම්,..

143
00:10:42,873 --> 00:10:47,573
..අපේ ඕනෑම සංවිධානයක් එයාව භාරගන්න එකේ මම කිසිම ප්‍රශ්නයක් දකින්නේ නෑ...

144
00:10:47,573 --> 00:10:48,363
..කොහොම වුණත්.....

145
00:10:54,743 --> 00:10:59,743
..මේක ළමයෙක් වගේ තරහින් කෑගහන්න ඕන දෙයක් නෙමෙයි, එල්ෆරියා...

146
00:10:59,743 --> 00:11:02,983
..ක්‍රොයිට්ස්, අපි කතා වුණේ මේක නෙමෙයි...

147
00:11:03,373 --> 00:11:07,253
..දැන් නම්, මට හොඳටම යකා නැගලා ඉන්නේ!..

148
00:11:09,403 --> 00:11:11,253
..එ-එල්ෆි?..

149
00:11:11,523 --> 00:11:14,633
..මේ කෑගහන එක වදයක්, තමුසෙලා පිරිහිච්ච මිනිස්සු!..

150
00:11:19,763 --> 00:11:22,643
..කොහොමත් අපි තව බ්ලූම් එකක් තියනවා...

151
00:11:22,643 --> 00:11:25,523
..ඔයාලගේ ඔය කම්මැලි කතා ඔක්කොම 
ඒක වෙනකන් තියාගන්න පුළුවන්නේ, නේද?..

152
00:11:25,523 --> 00:11:26,353
..මොකක්ද?..

153
00:11:26,773 --> 00:11:30,933
..මේක සාමාන්‍ය අවුරුද්දක් වුණා නම්, ඊළඟ බ්ලූම් එක තියෙන්නේ තව මාස හයකින්...

154
00:11:31,613 --> 00:11:34,513
..කොහොම වුණත්, ටර්මිනාලියාවෙදි 
අපිට වෙච්ච පාඩුවලින් පස්සේ,..

155
00:11:34,513 --> 00:11:38,783
..හැම කණ්ඩායමකම නැතිවුණු මිනිස් බලය 
යථා තත්ත්වයට පත් කරන එක හදිසි වැඩක් වෙලා තියෙනවා...

156
00:11:39,203 --> 00:11:41,603
..ඒ නිසා, මේ අවුරුද්ද වෙනස් වෙනවා,..

157
00:11:41,603 --> 00:11:45,183
..දෙවැනි බ්ලූම් එක අද ඉඳන් සතියකින් තියන්න සැලසුම් කරලා තියෙනවා...

158
00:11:45,793 --> 00:11:47,873
..ඒ වගේ ඛේදවාචකයකින් බේරුණාට පස්සේ,..

159
00:11:47,873 --> 00:11:51,713
..මායා ලෝකයේ වෙන කාටත් වඩා දියුණු වෙන්න ඔයාලට ඉඩක් තියෙනවා,..

160
00:11:51,713 --> 00:11:53,453
..අඳුරු පරම්පරාව...

161
00:11:53,453 --> 00:11:55,173
..කුළුණ... නෑ...

162
00:11:55,713 --> 00:11:58,683
..ලෝකයම ඔයාලා ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා!..

163
00:11:59,003 --> 00:12:03,073
..ඇත්තටම කිව්වොත්, ලේ වමනේ යන තරමට ඔයාලා මහන්සි වෙලා වැඩ කරන්නේ නැත්නම්, අපිට ප්‍රශ්න ඇතිවෙයි...

164
00:12:03,073 --> 00:12:06,883
..ඉතින් අද ආශිර්වාද නොලැබුණ අයට,..

165
00:12:06,883 --> 00:12:09,313
..ඊළඟ බ්ලූම් එකේදි මීට වඩා හොඳට කරන්න ලෑස්ති වෙන්න...

166
00:12:09,653 --> 00:12:12,303
..විල් සර්ෆෝර්ට්, ඔයාත් ඒකට ඇතුළත්...

167
00:12:13,883 --> 00:12:19,173
..ඒක ඉහළ ආයතනයේ අයටත්, උතුම් මාජියා වැන්ඩර්ලටත්, හැමෝටම ගැලපෙනවා නේද?..

168
00:12:19,613 --> 00:12:21,983
..කුළුණේ තියෙන්නේ එකම එක නීතියයි.....

169
00:12:21,983 --> 00:12:24,083
.."ඔබේ වටිනාකම ඔප්පු කරන්න," නේද?..

170
00:12:25,833 --> 00:12:27,253
..හොඳයි...

171
00:12:27,253 --> 00:12:29,123
..මොකද අපිත්..

172
00:12:29,123 --> 00:12:33,343
..දිගටම අපේ වටිනාකම ඔප්පු කළා, ඒ නිසයි අපි මාජියා වැන්ඩර්ලා වුණේ...

173
00:12:44,973 --> 00:12:47,223
..ඉතින් මේ පොඩි විහිළුව මෙතනින් ඉවරයි...

174
00:13:05,493 --> 00:13:06,743
..හැමෝම.....

175
00:13:13,123 --> 00:13:14,133
..විල්.....

176
00:13:18,003 --> 00:13:21,743
..මොන කාලකණ්ණි වැඩක්ද.
මට සුසුමක් හෙළන්නවත් හිතෙන්නේ නෑ...

177
00:13:31,693 --> 00:13:34,233
..සතියකින්, අපිට ආයෙත් මේ පරීක්ෂණයට 
මූණ දෙන්න වෙනවද?..

178
00:13:36,293 --> 00:13:37,113
..හේයි!..

179
00:13:44,833 --> 00:13:46,193
..ඔයා අඬනවද?..

180
00:13:46,623 --> 00:13:49,623
..නෑ, මේක මාර විහිළුවක්...

181
00:13:51,493 --> 00:13:52,753
..විහිළුවක්?..

182
00:13:53,123 --> 00:13:54,203
..ඔව්...

183
00:13:57,133 --> 00:13:59,383
..දුෂ්කරතා සහ අමාරු තත්ත්වයන් වගේ දේවල්.....

184
00:14:00,133 --> 00:14:03,383
..මට මොකක් හරි ළඟා කරගන්න පුළුවන් වගේ දැනෙනකොටම, හැමතිස්සෙම මාව වට්ටනවා...

185
00:14:13,893 --> 00:14:16,153
..හරි!..

186
00:14:16,153 --> 00:14:20,033
..කොච්චර වාර ගාණක් උත්සාහ කරන්න වුණත්, මම දිවුරනවා මම මේක ජය ගන්නවා!..

187
00:14:28,263 --> 00:14:29,473
..ඒක බලාපොරොත්තු වුණේ නැති දෙයක්...

188
00:14:30,333 --> 00:14:32,043
..මොකක්ද, ගිල්?..

189
00:14:32,323 --> 00:14:37,293
..ඔච්චර දෙයක් වෙලත්, ඔයා, සීයෝ තුමනි, විල් සර්ෆෝර්ට්ට ඔයාගේ ආශිර්වාදය දුන්නේ නැති එක...

190
00:14:38,973 --> 00:14:41,593
..මම හිතුවා ඔයා එයා වගේ අයට කැමතියි කියලා...

191
00:14:45,383 --> 00:14:47,143
..මෝඩයා...

192
00:14:47,143 --> 00:14:49,723
..ඔයාට තවමත් මාව තේරෙන්නේ නැද්ද?..

193
00:14:56,233 --> 00:15:00,733
..අමාරුවෙන් පාතම තැනක ඉඳන් උඩට එන කොල්ලෝ තමයි මට වඩාත් විනෝදජනක.....

194
00:15:01,193 --> 00:15:03,393
..වඩාත් ශක්තිමත් වෙනවා කියන එක ගැන කතා කරන්න දෙයක් නෑනේ?..

195
00:15:14,543 --> 00:15:18,003
..කුළුණ, 1වන මහල: තාවකාලික නවාතැන්..

196
00:15:18,003 --> 00:15:24,633
..ගිනි, සුළං, පෘථිවි, විදුලි, 
ජලය, අඳුර, ආලෝකය.....

197
00:15:25,243 --> 00:15:27,923
..එල්ෆ් මායාව ඇරෙන්න, මම බලන්න ඕනේ..

198
00:15:27,923 --> 00:15:30,283
..අලුත් ක්‍රමයක් හොයාගන්න 
මේ මූලද්‍රව්‍ය හත දිහා...

199
00:15:30,643 --> 00:15:34,123
..කිසිම දක්ෂතාවක් නැති මට, ඇත්තම කිව්වොත්, 
මායා බලයක් නැහැ...

200
00:15:34,123 --> 00:15:37,893
..ඒත් මට මායාවල් කරන්න බැරි වුණාට, 
ඒකෙන් කියවෙන්නේ නෑ මට මායා ශක්තියක් පාවිච්චි කරන්න බෑ කියලා...

201
00:15:37,893 --> 00:15:41,843
..විස් කියලා කියන ඒ බලය පාවිච්චි කරන්න 
මට තියෙන හැකියාව ඒක ඔප්පු කරනවා...

202
00:15:41,843 --> 00:15:45,423
..මට මේක විශ්ලේෂණය කරලා 
ඒ ශක්තිය පාවිච්චි කරන්න පුළුවන් වුණොත්.....

203
00:15:46,543 --> 00:15:51,233
..ඊයේ බ්ලූම් එක ඉවර වුණ වෙලාවේ ඉඳන්, 
එයා මුළු රෑම ඔය විදිහටම පාඩම් කරනවා...

204
00:15:51,233 --> 00:15:53,723
..මම දැනගෙන හිටියා.
ඒ කොල්ලගෙ මොකක් හරි

205
00:15:53,723 --> 00:15:54,743
..හරි!..

206
00:15:55,773 --> 00:16:00,763
..ඔයාට විනාඩියක් තියෙනවද, පොත් ගුල්ලෝ—
අහ්, මම ඔයාට විල් කියලා කතා කළාට කමක් නැද්ද?..

207
00:16:00,763 --> 00:16:01,673
..මොකක්ද?..

208
00:16:02,173 --> 00:16:04,763
..ඒ-ඒකට කමක් නෑ, ඒත්.....

209
00:16:04,763 --> 00:16:08,683
..මහා මායා උත්සවයෙන් පස්සේ 
ඔයා නේද මාත් එක්ක කතා කළේ, ම්ම්.....

210
00:16:09,013 --> 00:16:10,773
..එමා ක්ලෙවර්...

211
00:16:10,773 --> 00:16:15,223
..අපි ඊළඟ බ්ලූම් එක වෙනකන් 
බිම් මහලට යන්නයි කල්පනාව...

212
00:16:15,223 --> 00:16:17,683
..අපිට ඉහළ ආයතනයෙන් 
අවසරත් හම්බවුණා...

213
00:16:17,683 --> 00:16:20,193
..ඔයා කියන්නේ පුහුණු වෙන්නද?..

214
00:16:20,193 --> 00:16:21,463
..ඔව්...

215
00:16:21,463 --> 00:16:25,923
..අපි දැන් තාක්ෂණිකව ඉහළ මායාකාරයෝ නිසා, 
අපිට දහවෙනි තට්ටුවට වඩා පහළට යන්න පුළුවන්...

216
00:16:25,923 --> 00:16:27,793
..අර තට්ටුව රකින කෙනාව පරාද කරන එක..

217
00:16:27,793 --> 00:16:32,263
..විතරයි අපිට එකතුවෙලා වැඩ කරන්න 
පුරුදු වෙන්න තියෙන එකම විදිහ...

218
00:16:32,263 --> 00:16:36,333
..අපිට ඕනේ ගිනි කණ්ඩායමට එකතු වෙන්න, 
එතකොට අපිට සියොන්ගෙ පස්සෙන් යන්න පුළුවන්!..

219
00:16:36,633 --> 00:16:38,483
..ඉතින්, ඔයා අපිත් එක්ක එන්න කැමතිද?..

220
00:16:38,483 --> 00:16:42,363
..මම දන්නවා මෙතෙක් කල් අපි ඔයාට 
කරපු දේවල් මේකෙන් මකාගන්න බැරිවෙයි කියලා,..

221
00:16:42,853 --> 00:16:45,213
..ඒත් ඔයා අපිත් එක්ක එකතු වෙන්න කැමති නම්.....

222
00:16:46,253 --> 00:16:47,213
..ඔව්, අනිවාරෙන්ම!..

223
00:16:47,843 --> 00:16:48,723
..නෑ!..

224
00:16:50,333 --> 00:16:52,883
..මේ කම්මැලියා පුහුණු වෙන්නෙ <i>මාත්</i> එක්ක!..

225
00:16:52,883 --> 00:16:54,573
..මොකක්ද?
ඒකේ තේරුම මොකක්ද?..

226
00:16:54,573 --> 00:16:55,823
..ජුලියස්?..

227
00:16:55,823 --> 00:16:59,733
..යාළුවෝ වගේ රඟපාන එක 
නෙමෙයි දැන් ඔයාට ඕනේ!..

228
00:16:59,993 --> 00:17:02,733
..අර විස් කියන බලය 
පාලනය කරන එකයි!..

229
00:17:03,353 --> 00:17:04,733
..පාලනය?..

230
00:17:04,733 --> 00:17:07,483
..මම ඔයාට ඒක කරන්න උදව් කරන්නම්!..

231
00:17:08,793 --> 00:17:10,893
..ඒක ලොකු උදව්වක් වෙයි.....

232
00:17:10,893 --> 00:17:12,493
..ඒත් ඇයි මෙච්චර කරදර වෙන්නේ?..

233
00:17:13,483 --> 00:17:15,733
..මෙච්චර කල් ගොඩක් දේවල් සිද්ධ වුණා...

234
00:17:15,733 --> 00:17:17,743
..ඒත් මම, හරියටම විග්නෝල් සහ අනිත් අය වගේම.....

235
00:17:23,203 --> 00:17:26,593
..ඔයාව කණ්ඩායමේ කෙනෙක් විදිහටයි සලකන්නේ...

236
00:17:27,733 --> 00:17:30,133
..ක-කණ්ඩායමේ කෙනෙක්?..

237
00:17:30,133 --> 00:17:31,933
..ගොඩක් ස්තූතියි, ජුලියස්!..

238
00:17:31,933 --> 00:17:33,383
..ඔයාගේ උදව්වට මම ගොඩක් කැමතියි!..

239
00:17:33,383 --> 00:17:37,073
..මම කණ්ඩායමේ කෙනෙක්... කණ්ඩායමේ කෙනෙක්!
මම කණ්ඩායමේ කෙනෙක්!..

240
00:17:37,073 --> 00:17:38,443
..<i>මේක මරු.</i>..

241
00:17:38,443 --> 00:17:41,803
..<i>මේ දක්ෂතාවක් නැති එකා වෙනුවෙන්
කවුද ඇත්තටම මහන්සි වෙන්නේ?</i>..

242
00:17:41,803 --> 00:17:45,403
..<i>මම මේක කරන්නේ 
මගේ අනාගතය වෙනුවෙන් විතරයි!</i>..

243
00:17:45,673 --> 00:17:50,183
..ගොඩක් ස්තූතියි, ජුලියස්!
ඔක්කොම ඔයා නිසයි!..

244
00:17:46,253 --> 00:17:51,473
..<i>මම එල්ෆරියා ආර්යාවගේ ළමා කාලේ යාළුවට 
පොඩි තල්ලුවක් දීලා එයාගෙන් ලකුණු දාගන්නවා.</i>..

245
00:17:51,473 --> 00:17:54,853
..<i>මේක අනිවාර්යයෙන්ම එයාගේ ඇස් ඉස්සරහා 
මගේ තැන හදාගන්න උදව්වක් වෙයි!</i>..

246
00:17:51,473 --> 00:17:54,143
..පට්ට.
මම ඔයා ගැන තිබුණ මතය වෙනස් කරගත්තා...

247
00:17:55,163 --> 00:17:58,223
..<i>මම මේ බොරු-වාමනයව 
එයාගෙ උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නවා.</i>..

248
00:17:58,223 --> 00:18:01,163
..<i>මම </i>කොහොම හරි<i> අයිස් කණ්ඩායමට යනවා!</i>..

249
00:18:01,573 --> 00:18:03,673
..පස්ස ගහන එක නවත්තනවා, කම්මැලියා!..

250
00:18:04,053 --> 00:18:06,423
..අපි දැන්ම ඔයාගෙ පුහුණුව පටන් ගන්නවා!..

251
00:18:11,163 --> 00:18:12,973
..ඔව්!..

252
00:18:17,473 --> 00:18:20,273
..කුළුණ, 1වන මහල, නැගෙනහිර කෙළවර: හුදකලාවේ පිටිය..

253
00:18:24,123 --> 00:18:25,943
..<i>සම්පූර්ණයෙන්ම ආරෝපණය වුණා.</i>..

254
00:18:27,273 --> 00:18:28,943
..<i>ග්ලවුස් විස්!</i>..

255
00:18:29,623 --> 00:18:33,443
..ඔයා කිව්ව විදිහටම මම මේක ආරෝපණය කළා.
මම දැන් මොකද කරන්නේ?..

256
00:18:33,873 --> 00:18:36,323
..දැන් ඔයා ඒක පවත්වාගෙන යන්න ඕනේ...

257
00:18:37,703 --> 00:18:41,553
..මිදුණු රහස්, 
නිහඬ වෙලා නර්තනයක යෙදෙන්න...

258
00:18:42,083 --> 00:18:46,083
..ඔබේ නම අයිස් කුරුලු ආරක්ෂකයා,
කොටෝරි ය...

259
00:18:48,803 --> 00:18:51,093
..ෆ්‍රිඩ් ගාර්ඩිනාස්!..

260
00:18:52,593 --> 00:18:53,983
..මේගොල්ලො.....

261
00:18:53,983 --> 00:18:55,933
..උන් පහළ මට්ටමේ ආරක්ෂකයෝ වෙන්න පුළුවන්,..

262
00:18:55,933 --> 00:18:58,063
..ඒත් උන් වෙනුවෙන් හොඳ 
මායා ශක්තියක් වියදම් වුණා...

263
00:18:58,063 --> 00:19:00,013
..ඒ නිසා උන්ව නැතිකරන්න නම් 
ඒ මූලද්‍රව්‍යයේම..

264
00:19:00,013 --> 00:19:02,103
..දුර්වල මායාවකින් දමලා ගහනවාට 
වඩා දෙයක් ඕන වෙයි...

265
00:19:02,583 --> 00:19:05,813
..දැන් ඉඳන්, මේ ආරක්ෂකයින්ව 
විනාශ කරන්නේ නැති වෙන්න,..

266
00:19:05,813 --> 00:19:08,103
..ඔයා යන යන තැන ඔයාගේ ශක්තිය 
පාලනය කරගන්න ඕනේ...

267
00:19:08,103 --> 00:19:09,863
..මොකක්ද ඒකේ තේරුම?..

268
00:19:10,923 --> 00:19:13,293
..ඔයා ඔයාගේ විස් හරි මොකක් හරි අරගෙන..

269
00:19:13,293 --> 00:19:15,863
..ඒක ඔයාම ක්‍රියාත්මක කරගන්න විදිහ ඉගෙන ගන්නවා...

270
00:19:17,113 --> 00:19:20,263
..ඔයා අවුරුදු හයක් ඇකඩමියට ගියා,..

271
00:19:20,263 --> 00:19:23,373
..ඒත් ඔයාට මූලිකම මායාවක්වත් 
ඉගෙන ගන්න බැරි වුණා...

272
00:19:23,373 --> 00:19:26,543
..දැනුත්, කවුරුහරි හදපු මන්ත්‍රයක් 
අරගන්න උත්සාහ කරනවා වෙනුවට,..

273
00:19:26,543 --> 00:19:30,883
..ඔයාට දැනටම තියෙන බලය පාවිච්චි කරන එක 
ඊට වඩා ගොඩක් ඵලදායී වෙයි!..

274
00:19:31,283 --> 00:19:36,133
..වෙන්න පුළුවන්, ඒත් මම කොහොමද ඒක කරන්නේ?..

275
00:19:36,893 --> 00:19:40,993
..මට වෙන අයගේ මායාවෙන් ආරෝපණය ගන්න වෙලා තියෙන්නේ
<i>ඇත්තටම</i> මට මගේම මායාවක් පාවිච්චි කරන්න බැරි නිසයි...

276
00:19:40,993 --> 00:19:43,413
..මට පිටතින් එන මායා ශක්තියක් මත 
රැඳෙන්න වෙලා තියෙනවා...

277
00:19:43,413 --> 00:19:47,923
..විස් ක්‍රියාත්මක කරන්න මමම මායා ශක්තියක් 
ලෑස්ති කරන එක පරස්පර විරෝධී දෙයක්...

278
00:19:47,923 --> 00:19:50,803
..ඒක හරියට බිංදුවකින් එකක් හදන්න 
හදනවා වගේ වැඩක්...

279
00:19:50,803 --> 00:19:53,343
..ඒක අලුත් මායාවක් නිර්මාණය කරන්න 
හදනවා වගේම දෙයක්, ඉතින්—..

280
00:19:52,303 --> 00:19:54,903
..අනේ, නවත්තනවා! කතා කරන එක නවත්තනවා! 
මේ ඔක්කොම න්‍යායයන් කියවන එක නවත්තගන්නවා!..

281
00:19:55,233 --> 00:19:58,913
..ඔයාට යන්න පුළුවන්ද කියලාවත් දන්නේ නැති වරායක් ගැන හිත හිත ඉන්න එකේ තේරුමක් නෑ...

282
00:19:58,913 --> 00:20:02,253
..ඔයා දැන් කරන්න යන්නේ 
හරිම සරල දෙයක්:..

283
00:20:02,253 --> 00:20:04,293
..මායා ශක්තිය රඳවගන්න එක...

284
00:20:04,293 --> 00:20:05,733
..ඒක රඳවගන්නවා?..

285
00:20:08,203 --> 00:20:10,623
..ඒ මායා ශක්තිය මගේ වුණත්,..

286
00:20:10,623 --> 00:20:13,113
..ඔයා ඒක ජීවිත කාලෙටම 
රඳවගත්තොත්,..

287
00:20:13,113 --> 00:20:14,923
..එතකොට ඒක ඔයාගෙ වෙනවා නේද?..

288
00:20:16,193 --> 00:20:19,173
..හිතන්නකො ඔයා දැනට 100 කින් 
පිටකරනවා කියලා,..

289
00:20:19,173 --> 00:20:21,533
..එතකොට ඒකෙන් සීයෙන් පංගුවක් හරි දාහෙන් පංගුවක් හරි ඇති වෙනවා...

290
00:20:21,533 --> 00:20:24,673
..ඔයා පිටකරන ශක්තිය අඩු කරලා 
ඒක දිගටම පවත්වාගෙන යන්න!..

291
00:20:25,183 --> 00:20:27,363
..ඔයා ඇහැරිලා හිටියත් නිදාගෙන හිටියත්,..

292
00:20:27,363 --> 00:20:29,963
..ඔයා ඒ මායා ශක්තිය හැමදාම 
පවත්වාගෙන යන්න ඕනේ...

293
00:20:29,963 --> 00:20:34,803
..හොඳම ප්‍රතිඵලය වෙන්නේ ඒක සටනෙදි විතරක් පාවිච්චි කරන විදිහට ඔයා ඒක පාලනය කරගන්න එකයි...

294
00:20:34,803 --> 00:20:37,073
..ඔයාට එහෙම කරන්න පුළුවන් වුණොත්, ඒක හරියටම.....

295
00:20:37,363 --> 00:20:38,433
..මායාවක් වගේම හොඳයි!..

296
00:20:44,453 --> 00:20:48,713
..ඊළඟ බ්ලූම් එකේදි, ඔයාට අනිවාර්යයෙන්ම 
අර ඌස්ලාට ආයෙත් මූණ දෙන්න වෙයි...

297
00:20:49,043 --> 00:20:50,793
..මායා ශක්තිය කොච්චර දුර්වල වුණත්,..

298
00:20:50,793 --> 00:20:54,463
..පොඩ්ඩක් හරි ගෑවුණොත් උන් විනාශ වෙලා යනවා.
ඒක පැහැදිලිවම පෙන්නුවානේ...

299
00:20:54,463 --> 00:20:56,473
..ඔයාට කරන්න තියෙන්නේ 
අර සත්තුන්ව පරාද කරන එක විතරක් නම්,..

300
00:20:56,473 --> 00:20:59,723
..බුද්ධිමත්ව හිතුවොත්, ඔයාට තියෙන ශක්තිය කොච්චර අඩු වුණත් ඒක ප්‍රශ්නයක් නෑ!..

301
00:21:00,133 --> 00:21:03,553
..සතියකට අඩු කාලෙකින් ඔයාට කරන්න 
පුළුවන් දේවල් වලට සීමාවක් තියෙනවා!..

302
00:21:03,553 --> 00:21:06,603
..ඔයාගෙ අරමුණේ ඉඳන් පස්සට වැඩ කරලා, 
ඔයාට මුහුණ දෙන්න තියෙන අභියෝග අඩු කරගන්න!..

303
00:21:06,603 --> 00:21:09,603
..ඔයා හැමදේම එකපාර කරන්න හදනවා, 
ඒ නිසයි ඔයා සැලසුම් කරන්න මෙච්චර දුර්වල!..

304
00:21:10,433 --> 00:21:14,183
..<i>මේ ප්‍රායෝගික පුහුණුවේදි ආරක්ෂකයින්ව 
විනාශ කරන් නැතුව ඉන්න නම්,</i>..

305
00:21:14,183 --> 00:21:17,863
..<i>මට දිගු කාලයක් මායා ශක්තිය රඳවා ගැනීමේ 
දක්ෂ හැකියාවක් ඕන වෙනවා.</i>..

306
00:21:18,453 --> 00:21:22,113
..<i>ඉතින් මේ ආරක්ෂකයෝ මගේ මායා ශක්තිය පාලනය කරගන්න උදව් වෙන බාධක වගේ!</i>..

307
00:21:22,673 --> 00:21:25,553
..<i>හරිම පුදුමයි!
මේ ඔක්කොම හොඳටම තේරෙනවා!</i>..

308
00:21:25,553 --> 00:21:28,373
..<i>එයා ඇකඩමියේ හොඳම තුන්දෙනා අතරට 
ආවේ නිකම්ම නෙමෙයි!</i>..

309
00:21:28,933 --> 00:21:31,123
..ඇත්තටම, බොහොම ස්තූතියි, ජුලියස්!..

310
00:21:31,123 --> 00:21:35,143
..ඔයා පුදුම කෙනෙක්!
ඇයි කිසිම කණ්ඩායමක් ඔයාව ගත්තේ නැත්තේ මන්දා!..

311
00:21:34,963 --> 00:21:36,503
..<font face="Arial Black"><font size="36"><font color="#8e0b20">STAB........

312
00:21:36,503 --> 00:21:39,003
..මෙ-මෙච්චර වෙලා තියෙන්නේ ඔයාගෙ වැරැද්දෙන්!..

313
00:21:39,003 --> 00:21:43,093
..විනාස වෙයන්!..

314
00:21:43,093 --> 00:21:46,683
..කුළුණ, 1වන මහල: වර්ණ රහිත උද්‍යානය..

315
00:21:53,133 --> 00:21:54,963
..ආහ්, යෞවනයේ වසන්තය...

316
00:21:55,523 --> 00:21:59,463
..මේගොල්ලන්ගෙ මේ විශේෂ පුහුණුව 
කොහොම වෙයිද කියලා මට හිතෙනවා...

