1
00:02,870 --> 00:04,380
<b>මිට්සුඕකා!</b>

2
00:04,380 --> 00:05,630
<b>නොරෙන්!</b>

3
00:05,630 --> 00:07,380
<b>පොඩ්ඩක් ඉන්න!</b>

4
00:07,710 --> 00:10,380
<b>ඔයා අතන කියපු දේ ගැන
අපිට තව ටිකක් කියන්න!</b>

5
00:11,630 --> 00:13,340
<b>ඉන්න!</b>

6
00:14,140 --> 00:15,720
<b>අපි එයාලගෙන් බේරුණා වගේ.</b>

7
00:17,060 --> 00:19,140
<b>ඉතින්...</b>

8
00:19,140 --> 00:20,140
<b>මොකක්ද වුණේ?!</b>

9
00:20,520 --> 00:21,270
<b>සමාවෙන්න!</b>

10
00:21,850 --> 00:25,110
<b>මම ගොඩක් ආසාවෙන් හිටපු ක්ලබ් වැඩේ
සම්පූර්ණෙන්ම කඩාකප්පල් වුණා.</b>

11
00:25,480 --> 00:29,820
<b>මටත් නොදැනීම මගේ හිතේ තිබ්බ
පීඩනය ඔක්කොම පිටවුණා.</b>

12
00:29,820 --> 00:31,610
<b>මම වැරැද්දක් කළා කියලා මම දන්නවා.</b>

13
00:31,900 --> 00:33,360
<b>සමාවෙන්න.</b>

14
00:34,110 --> 00:35,740
<b>ඒයි, ජූසෝ, මේකෙන්...</b>

15
00:36,030 --> 00:37,620
<b>ඇත්තටම කියවෙන්නේ අපේ වැඩේ හරි කියන එක නේද?</b>

16
00:37,620 --> 00:38,910
<b>පිස්සුද!</b>

17
00:38,910 --> 00:41,580
<b>මගේ දුවගෙ වයසේ ළමයෙක්ව
කසාද බඳින්න?</b>

18
00:41,580 --> 00:43,000
<b>ඊට වඩා හොඳයි මම මැරෙනවා!</b>

19
00:43,500 --> 00:46,580
<b>ඒත්, කරුණාකරලා! මේක ආත්මාර්ථකාමී බව මම දන්නවා,</b>

20
00:46,580 --> 00:50,000
<b>ඒත් ඔයාට පුළුවන්ද ටික කාලෙකට
මගේ පෙම්වතා වගේ රඟපාන්න?</b>

21
00:50,630 --> 00:51,550
<b>ආ?</b>

22
00:51,550 --> 00:54,050
<b>බලන්න, මට දැනටමත් පෙම්වතෙක් ඉන්නවා කියලා
කට්ටිය හිතුවොත්,</b>

23
00:54,050 --> 00:57,010
<b>ඒකෙන් අර වගේ දේවල් වෙන එක
නවත්තගන්න පුළුවන් වෙයි.</b>

24
00:57,300 --> 00:58,560
<b>අනේ!</b>

25
01:01,270 --> 01:02,600
<b>හරි.</b>

26
01:03,270 --> 01:04,560
<b>ඒත් මේක...</b>

27
01:04,560 --> 01:05,980
<b>නිකම්ම රඟපෑමක් විතරයි, තේරුණාද?</b>

28
02:36,030 --> 02:40,030


29
02:40,910 --> 02:41,530
<b>ඒයි!</b>

30
02:41,950 --> 02:43,330
<b>ගිහින් අපිට පාන් ටිකක් අරන් එනවා!</b>

31
02:43,700 --> 02:45,870
<b>ආ, මේක මෙහෙමද වෙන්නේ.</b>

32
02:45,870 --> 02:47,750
<b>මම කියන දේ ඇහෙනවද?</b>

33
02:48,580 --> 02:50,710
<b>අද ඉඳන් ඔයා හැමදාම
අපේ වැඩ කරන්න ඕනේ,</b>

34
02:50,710 --> 02:53,000
<b>එහෙම නැත්තම් නොරෙන් මිට්සුඕකාගෙන් ඈත් වෙන්න ඕනේ.</b>

35
02:53,000 --> 02:54,420
<b>එකක් තෝරගන්න.</b>

36
02:54,420 --> 02:55,710
<b>ඒ මොන 
වගේ තේරීමක්ද?</b>

37
03:00,340 --> 03:01,590
<b>එයාට යන්න දෙන්න එපා!</b>

38
03:01,590 --> 03:03,600
<b>මුන්ට ගහන එක ලේසියි...</b>

39
03:03,850 --> 03:08,850
<b>ඒත් මේ වගේ පොඩි දෙයකට
පන්ති තහනම් කරගන්න මට ඕන නෑ.</b>

40
03:12,150 --> 03:13,480
<b>- ඒයි! අපි ඉන්නේ තුන්වෙනි තට්ටුවේ!</b>

41
03:14,360 --> 03:15,820
<b>මොන මගු...</b>

42
03:21,490 --> 03:22,740
<b>මට සමාවෙන්න.</b>

43
03:32,130 --> 03:33,420
<b>ඔයාට ඇහුණද?</b>

44
03:33,420 --> 03:35,800
<b>ඒ දෙන්නා යාළු වෙලා වගේ!</b>

45
03:35,800 --> 03:39,130
<b>ඔව්, ඒක නිසා කොල්ලො ගොඩක්
එයාත් එක්ක තරහින් ඉන්නේ.</b>

46
03:39,340 --> 03:40,510
<b>අපොයි!</b>

47
03:40,510 --> 03:41,510
<b>පව් කොල්ලා.</b>

48
03:42,550 --> 03:45,680
<b>රඟපෑමක් විතරක් නම් මම මේක කරන්නම් කිව්වා,</b>

49
03:45,680 --> 03:48,270
<b>ඒත් හැමතිස්සෙම මේ වගේ වෙයිද?</b>

50
03:48,270 --> 03:50,020
<b>මාර වදයක්නේ!</b>

51
03:50,020 --> 03:51,520
<b>- අමාරු දවසක් නේද, ඔගා. - ආ?</b>

52
03:51,810 --> 03:54,310
<b>ඔයා නොරෙන් එක්ක යාළුයි කියන්නේ ඇත්තද?</b>

53
03:54,310 --> 03:55,980
<b>ටකාඩා සහ බාබා...</b>

54
03:55,980 --> 03:59,400
<b>ඇත්තටම, අර කොල්ලන්ගෙන් බේරිලා ආපු එක නියමයි!</b>

55
03:59,400 --> 04:00,400
<b>ඔයාලා බලාගෙනද හිටියේ?</b>

56
04:00,400 --> 04:02,530
<b>ඔයාලා බලාගෙන හිටියා විතරද?</b>

57
04:02,530 --> 04:04,950
<b>ඉතින්, අපි මොකක් කරන්න කියලද?</b>

58
04:04,950 --> 04:06,780
<b>ගිහින් ටීචර් කෙනෙක්වත් එක්කන් එන්න එපැයි!</b>

59
04:06,780 --> 04:10,250
<b>අපිට හිතුණා ඔයා කොහොමහරි ඒක බලාගනියි කියලා.</b>

60
04:10,250 --> 04:13,040
<b>ඔයා ඒක කළානේ, ඉතින් මොකක්ද ප්‍රශ්නේ?</b>

61
04:13,040 --> 04:13,670
<b>ඒයි!</b>

62
04:13,670 --> 04:14,790
<b>ඒ වුණාට...</b>

63
04:15,250 --> 04:17,920
<b>ඇත්තටම, තත්වය මීට වඩා
ගොඩක් නරක අතට හැරෙන්න පුළුවන්.</b>

64
04:18,420 --> 04:19,670
<b>ආ?</b>

65
04:20,170 --> 04:24,340
<b>අපේ ඉස්කෝලේ සෑහෙන්න ප්‍රසිද්ධ
ලොකු ඉස්කෝලයක්නේ.</b>

66
04:24,340 --> 04:28,060
<b>හැමතැනම සුපිරි කොල්ලෝ ඉන්නවා.</b>

67
04:28,060 --> 04:29,890
<b>ඒක විතරක් නෙමෙයි.</b>

68
04:30,180 --> 04:32,440
<b>ඉහළම පන්තියේ අය අතරේ...</b>

69
04:32,440 --> 04:35,230
<b>යුනිකෝන්ස් කියලා භයානක කණ්ඩායමක් ඉන්නවා.</b>

70
04:35,230 --> 04:38,820
<b>එයාලට පෙනුම වගේම පෞරුෂයත් තියෙනවා,
ඔක්කොම තියෙනවා.</b>

71
04:38,820 --> 04:41,690
<b>ඒ මදිවට, එයාලා හැමෝටම
සුපිරි දක්ෂතා තියෙනවා...</b>

72
04:41,690 --> 04:43,860
<b>ඒ වගේම මොකක්හරි ක්ෂේත්‍රයකට
පිස්සු හැදෙන ආකර්ෂණයක් තියෙනවා.</b>

73
04:44,200 --> 04:48,330
<b>කටකතා වල හැටියට එයාලා ඔක්කොමත්
නොරෙන්ගේ පස්සෙන් එනවලු.</b>

74
04:48,330 --> 04:51,040
<b>එයාලත් අද හරි හෙට හරි
ඔයාගේ පස්සෙන් එන්න ඉඩ තියෙනවා!</b>

75
04:51,040 --> 04:52,460
<b>එහෙම වුණාම...</b>

76
04:52,460 --> 04:53,790
<b>ඉතින්, සුබ පැතුම්!</b>

77
04:53,790 --> 04:54,580
<b>ඒයි!</b>

78
04:56,630 --> 04:58,800
<b>මේක හොඳ අදහසක් වෙයි...</b>

79
04:59,090 --> 05:00,630
<b>මේ "බොරු පෙම්වතා" රඟපෑම නවත්තන එක.</b>

80
05:00,630 --> 05:01,460
<b>ආ?</b>

81
05:01,460 --> 05:02,170
<b>බොස්...</b>

82
05:02,550 --> 05:05,090
<b>ඔයාට නොරෙන්ව කසාද බඳින්න
අදහසක් නෑ නේද?

83
05:05,390 --> 05:06,760
<b>පැහැදිලිවම නෑ!</b>

84
05:07,100 --> 05:09,810
<b>එහෙනම් මේක දිගටම කරගෙන යන්න හේතුවක් නෑනේ.</b>

85
05:09,810 --> 05:12,270
<b>මට එයා ගැන පව් කියලත් හිතෙනවා, ඒත්...</b>

86
05:13,390 --> 05:16,400
<b>ඔයාට කියන්න තව
වද දෙන ආරංචියක් තියෙනවා.</b>

87
05:16,400 --> 05:17,020
<b>මොකක්ද?</b>

88
05:17,520 --> 05:21,820
<b>ඒ මිට්සුඕකා ෆාමසූටිකල්ස්ලගේ බඹර පර්යේෂණය
සහ එයාලගේ වයස අඩු කරන බෙහෙත ගැන.</b>

89
05:21,820 --> 05:24,740
<b>පාතාලෙත් ඒ රහස පස්සෙන්ලු යන්නේ.</b>

90
05:25,110 --> 05:28,950
<b>ඒත් එයාලට තර්ජනය කරලා හරි
බලෙන් හරි ඒක ගන්න බෑ.</b>

91
05:28,950 --> 05:30,990
<b>ඒක නිසා කතාවක් තියෙනවා...</b>

92
05:30,990 --> 05:34,460
<b>වෙනත් සංවිධාන වලිනුත්
දක්ෂ මධ්‍යම විද්‍යාලීය නියෝජිතයන්ව එවයි කියලා...</b>

93
05:34,460 --> 05:36,420
<b>රහසිගතව ඉන්න.</b>

94
05:36,420 --> 05:40,090
<b>ඒ ඔක්කොම නොරෙන් මිට්සුඕකාගේ
අනාගත සැමියා වෙන්න බලාගෙන.</b>

95
05:40,500 --> 05:43,090
<b>ඒ කියන්නේ, එයාව ඉලක්ක වෙයි...</b>

96
05:43,090 --> 05:45,760
<b>සමාජයේ දෙපැත්තෙන්ම ඉන්න ඉහළම කොල්ලන්ගෙන්.</b>

97
05:45,760 --> 05:49,800
<b>යුනිකෝන්ස්ලා, ඝාතක නියෝජිතයෝ, ඔක්කොමලා.</b>

98
05:49,800 --> 05:52,100
<b>ඉතින්, බොස්, ඔයාත් ඒ තරඟෙට
බහිනවද?</b>

99
05:56,770 --> 05:57,400
<b>ආ?</b>

100
05:58,230 --> 06:02,070
<b>ඔව්, ඔයාට තවත් මගේ පෙම්වතා වගේ
රඟපාන්න ඕන නෑ.</b>

101
06:02,070 --> 06:05,240
<b>ඒකෙන් ඔයාට ගොඩක් කරදර වෙනවා වගේ.
සමාවෙන්න.</b>

102
06:05,240 --> 06:07,030
<b>ඔව්, ඒත් එතකොට...</b>

103
06:07,030 --> 06:10,370
<b>මම කියන්නේ, ඒක ඇත්තටම
මමම විසඳගන්න ඕන දෙයක්.</b>

104
06:10,370 --> 06:13,410
<b>මම හෝම් ඉක් ක්ලබ් එකට එන එක නවත්තන්නම්.</b>

105
06:13,830 --> 06:16,620
<b>ඒත් ඒයි, ඔයා තාමත්
රාමෙන් කන්න එන්න ඕනේ.</b>

106
06:16,960 --> 06:19,540
<b>මම ඉඳලා හිටලා ඔයාට මගේ දුක කියයි හැබැයි.</b>

107
06:21,920 --> 06:22,920
<b>ඕ!</b>

108
06:22,920 --> 06:24,880
<b>ඩේට් එකක්ද?
නියම වෙලාව!</b>

109
06:25,510 --> 06:29,010
<b>තවත් පැනලා යන එක නවත්තන්න, ඔගාමි.</b>

110
06:29,010 --> 06:31,930
<b>කවුරුවත් මේකට කැමති නෑ, දන්නවනේ.</b>

111
06:31,930 --> 06:34,430
<b>ඔයා වගේ අඳුරු පරාජිතයෙක්
එයාගේ පෙම්වතා වෙනවට?</b>

112
06:34,770 --> 06:38,190
<b>එයා දැන් මගේ පෙම්වතා නෙමෙයි!
පුළුවන්ද මේ මෝඩ වැඩේ දැන්වත් නවත්තන්න?</b>

113
06:38,600 --> 06:40,150
<b>ආ? ඇත්තද?</b>

114
06:40,150 --> 06:41,980
<b>එහෙනම් මාත් එක්ක යාලු වෙන්න!</b>

115
06:41,980 --> 06:43,480
<b>මොනවා? එපා, ස්තූතියි!</b>

116
06:43,940 --> 06:46,030
<b>කවුරුවත් ඔයාට මෙතනට කඩාපනින්න කිව්වේ නෑ,
ඒක නිසා පලයන් යන්න!</b>

117
06:46,030 --> 06:47,990
<b>ඕ!බලන්න, මම විහිළු කරනවා නෙමෙයි!</b>

118
06:47,990 --> 06:50,740
<b>මම ශක්තිමත්, හරිද? මට ඔයාව ආරක්ෂා කරන්න පුළුවන්!</b>

119
06:51,620 --> 06:53,910
<b>මම ඇහුවේ නෑනේ!
ඒක නිසා, දැන්වත් පස්සට යන්න!</b>

120
06:53,910 --> 06:55,200
<b>අනේ, ඔච්චර නපුරු වෙන්න එපා!</b>

121
06:55,910 --> 06:58,210
<b>නෑ.
අපි තාම එකට ඉන්නේ.</b>

122
06:58,210 --> 07:00,170
<b>මගේ කෙල්ලගෙන් අත් අහකට ගන්නවා.</b>

123
07:00,830 --> 07:01,750
<b>දැන් පලයන් මෙතනින්.</b>

124
07:01,750 --> 07:02,880
<b>- ආ?
- මොන මගුලක්ද?</b>

125
07:03,170 --> 07:05,000
<b>පොඩ්ඩක් ඉන්න, මොකක්? ඔයා එයාව බඳිනවද?</b>

126
07:05,000 --> 07:07,800
<b>පිස්සුද මට!
අපි මේ රඟපෑම දිගටම කරගෙන යනවා විතරයි!</b>

127
07:08,130 --> 07:10,010
<b>ඒත්, ඒ ඇයි?</b>

128
07:10,010 --> 07:12,390
<b>හේතුවක් නෑ.</b>

129
07:12,390 --> 07:13,470
<b>මොකක්?</b>

130
07:13,470 --> 07:16,680
<b>මට කියන්නම වෙනවා නම්, ඒකට හේතුව
හැම මගුල් ළමයම හැමතිස්සෙම,</b>

131
07:16,680 --> 07:18,520
<b>"නෑ, එපා," "කමක් නෑ" ගගා ඉන්න නිසයි!</b>

132
07:19,390 --> 07:21,900
<b>අනිත් එක අපි වයසක අය හරිම මුරණ්ඩුයි.
 අන්න ඒකයි.</b>

133
07:21,900 --> 07:23,820
<b>මම මුකුත් නොකර ඉන්නකොට ළමයි මා ගැන වද වෙනවා නම්,</b>

134
07:23,820 --> 07:25,570
<b>එහෙනම් මම එයාලට කරදරයක්
වෙන විදිහට ඇඟිලි ගහනවා.</b>

135
07:25,570 --> 07:26,650
<b>කවුරු ආවත් මට කමක් නෑ.</b>

136
07:26,650 --> 07:29,450
<b>උන් කරදර කාරයෝ නම්, මම උන් හැම එකාවම
අතුගාලා දානවා!</b>

137
07:29,780 --> 07:31,780
<b>තමුන් ඔය මොනවා ගැනද මුමුණන්නේ?</b>

138
07:31,780 --> 07:34,200
<b>මම ජිම් එකේ ලොකු මිනිස්සු එක්ක සටන් කරනවා.</b>

139
07:34,200 --> 07:36,830
<b>තමුන් කට මැත දොඩවන්නේ කාටද කියලා
ටිකක් හිතුවොත් හොඳයි...</b>

140
07:36,830 --> 07:37,750
<b>වීරයා වගේ රඟපාන්න කලින්!</b>

141
07:41,790 --> 07:48,210
<b>මම කියන්නේ නෑ මම අර
"පිරිමි ගෑනුන්ව ආරක්ෂා කරන්න ඕනේ" කියන කතාවට සම්පූර්ණයෙන්ම විරුද්ධයි කියලා,</b>

142
07:48,210 --> 07:49,010
<b>ඒත් දැනට...</b>

143
07:49,800 --> 07:52,180
<b>ඔයා තව ටිකක් කල් පුහුණු වෙන එක හොඳයි වගේ.</b>

144
07:54,140 --> 07:55,850
<b>ඔගාමි?</b>

145
07:59,810 --> 08:01,980
<b>ඔගාමි, ම්ම්...</b>

146
08:02,440 --> 08:05,150
<b>හරි. මම තව ටික කාලයක්
පෙම්වතා විදිහට රඟපාන්නම්.</b>

147
08:05,150 --> 08:07,900
<b>මට ඕන නෑ රස රාමෙන් කාලා ඊටපස්සේ
ඔයාගේ මැසිවිලි අහගෙන ඉන්න.</b>

148
08:09,400 --> 08:10,610
<b>ස්තූතියි.</b>

149
08:11,200 --> 08:12,150
<b>ඒත්, ම්ම්...</b>

150
08:12,150 --> 08:14,280
<b>අර "මගේ කෙල්ලගෙන් අත් අහකට ගන්නවා" කියපු කෑල්ල...</b>

151
08:14,280 --> 08:16,370
<b>සමාවෙන්න, ඒත් වාව්, ඒක නම් මහ අමුතුයි.</b>

152
08:16,740 --> 08:19,370
<b>කිසිම ඉස්කෝලේ යන ළමයෙක් එහෙම කතා කරන්නේ නෑ.</b>

153
08:21,160 --> 08:21,960
<b>ඉතින්...</b>

154
08:22,870 --> 08:25,840
<b>අන්න ඉන්නවා නොරෙන් මිට්සුඕකා සහ එයාගේ පෙම්වතා.</b>

155
08:27,210 --> 08:31,340
<b>ඒ වැඩ කිඩ වල හැටියට, එයාත් මම කරන ජාතියේම රස්සාවක් කරන කෙනෙක් වගේ.</b>

156
08:34,430 --> 08:37,100
<b>හිතුවට වඩා එයාට ගේමක් දෙන්න අමාරු වෙයි...</b>

157
08:37,600 --> 08:41,020
<b>මේ වැඩේදී ආදර තරඟකරුවෙක් විදිහට.</b>

158
09:04,920 --> 09:06,250
<b>නියමයි.</b>

159
09:07,000 --> 09:09,500
<b>ඔයාගේ වයසත් එක්ක බැලුවාම ඔයාගේ දක්ෂතා හරිම තියුණුයි.
</b>

160
09:09,920 --> 09:12,670
<b>ඔයා කියන්නේ අපේ සංවිධානයට
පරම්පරාවකට සැරයක් ලැබෙන වටිනා සම්පතක්.</b>

161
09:13,010 --> 09:14,130
<b>ස්තූතියි.</b>

162
09:15,550 --> 09:17,220
<b>දැන් ඔයාගේ ඊළඟ රාජකාරියට.</b>

163
09:18,260 --> 09:23,520
<b>නොරෙන් මිට්සුඕකාගේ පාසලට රහසින් ඇතුළු වෙලා
එයාගේ පෙම්වතා වෙන්න.</b>

164
09:23,980 --> 09:25,350
<b>මම ඔයාව විශ්වාස කරනවා...</b>

165
09:25,350 --> 09:27,230
<b>බේබි-ෆේස් බේබි.</b>

166
09:30,190 --> 09:32,110
<b>ඒයි, ඔගාමි...</b>

167
09:32,940 --> 09:35,070
<b>ඔයා, නිකම්, රහසින්ම මාර ශක්තිමත් කෙනෙක් නේද?</b>

168
09:35,070 --> 09:35,700
<b>ආ?</b>

169
09:36,280 --> 09:37,370
<b>පිස්සුද.</b>

170
09:37,370 --> 09:41,040
<b>මම මගේ ජීවිතේටම රණ්ඩුවකට පැටලිලා නෑ.</b>

171
09:41,410 --> 09:43,500
<b>ඇත්තද?</b>

172
09:43,500 --> 09:47,380
<b>මොකද අනිත් දවසේ ඔයා බය කරලා යවපු කොල්ලා
මට පෙනුණේ මාර චණ්ඩියෙක් වගේ.</b>

173
09:47,750 --> 09:51,000
<b>ඒක නිකම්ම වාසනාවට වුණ දෙයක්, එහෙම නැත්තම්,
මම දන්නේ නෑ, ඌට පෙනුම තිබ්බට...</b>

174
09:51,500 --> 09:53,170
<b>ඌ ඇත්තටම 
 සාමාන්‍ය එකෙක්.</b>

175
09:53,170 --> 09:54,670
<b>"සාමාන්‍ය"?</b>

176
09:54,670 --> 09:58,470
<b>එහෙනම්, ඒ කියන්නේ ඔයා දන්නවද
"අසාමාන්‍ය" කියන්නේ මොන වගේද කියලා?</b>

177
09:58,470 --> 10:00,680
<b>නෑ, මම අදහස් කළේ, මම දන්නේ නෑ.</b>

178
10:00,930 --> 10:03,140
<b>බොස් ඉස්කෝලේ යන ළමයෙක්ගෙන්
ප්‍රශ්න කිරීම් වලට ලක් වෙනවා!</b>

179
10:03,850 --> 10:05,520
<b>කමක් නෑ, මොනවා වුණත්.</b>

180
10:05,520 --> 10:07,520
<b>කොහොම වුණත් මේක නිකම්ම බොරු ආදරයක්නේ,</b>

181
10:07,520 --> 10:09,980
<b>ඒක නිසා මම කියන්නේ නෑ
ඔයාට රහස් තියාගන්න බෑ කියලා.</b>

182
10:09,980 --> 10:12,780
<b>ඒත් මේ "බොරු පෙම්වතා" වැඩේ ගැන කතා කරද්දී...</b>

183
10:13,190 --> 10:16,530
<b>මගේ තාත්තා ඊයේ හදිසියේම මට දෙයක් එව්වා.</b>

184
10:18,950 --> 10:20,450
<b>ෆවුන්ටන් පෑනක්?</b>

185
10:21,530 --> 10:23,410
<b>කිසිම තේරුමක් නැති දේ තමයි...</b>

186
10:23,410 --> 10:26,540
<b>එයා මට කිව්වා මේක මම දැන් යාලු වෙලා ඉන්න කෙනාට,
ඔගාමිට දෙන්න කියලා.</b>

187
10:27,250 --> 10:28,370
<b>ඇයි?</b>

188
10:28,370 --> 10:29,670
<b>කිසිම අදහසක් නෑ.</b>

189
10:33,920 --> 10:35,510
<b>එයා ටිකක් කඩවසම් නේද?</b>

190
10:35,510 --> 10:37,050
<b>එයා මාර උසයි!
</b>

191
10:37,470 --> 10:39,300
<b>බලන්නකෝ එයාගේ කකුල් වල දිග!</b>

192
10:39,300 --> 10:41,010
<b>එයාගේ ඇඟ දිහා බලන්නකෝ!</b>

193
10:41,800 --> 10:44,770
<b>හරි ළමයි, මම කැමතියි
අපේ අලුත් සිසුවාව හඳුන්වලා දෙන්න.</b>

194
10:46,810 --> 10:48,190
<b>බොස්!</b>

195
10:48,640 --> 10:49,520
<b>ඔව්.</b>

196
10:49,850 --> 10:52,110
<b>මේ වගේ වෙලාවක අලුත් සිසුවෙක්...</b>

197
10:52,110 --> 10:53,570
<b>ඒ වගේම ඒ පෙනුම...</b>

198
10:53,900 --> 10:56,070
<b>ඇත්තටම කෙනෙක් ඇවිත් වගේ.</b>

199
10:56,740 --> 11:00,070
<b>එයාලා තවත් වැඩකාරයෙක්ව එවලා...</b>

200
11:00,490 --> 11:02,070
<b>නොරෙන්ගේ පෙම්වතා වෙන්න.</b>

201
11:02,070 --> 11:04,290
<b>මේ ෂින් කොහසාමේ.</b>

202
11:05,660 --> 11:07,660
<b>- අම්මෝ ඔව්!මාර කඩවසම්!

203
11:07,660 --> 11:10,620
<b>මාරයි, ඔගා එක්ක බලද්දී කොච්චර වෙනසක්ද!
 නෑ, ඇත්තටම, මේක තරඟයක්වත් නෙමෙයි!</b>

204
11:11,170 --> 11:13,750
<b>ඉතින්, දැන් ඔයා ගැන පොඩි හැඳින්වීමක් කරන්නකෝ?</b>

205
11:18,300 --> 11:19,470
<b>අෆු?</b>

206
11:22,930 --> 11:24,810
<b>තාරාවෙක්?</b>

207
11:35,570 --> 11:39,360
<b>වාව්, එයා කොච්චර කලබල වෙලාද කියනවා නම්,
එයාට කතා කරගන්නත් බෑ.</b>

208
11:39,700 --> 11:44,870
<b>ම්ම්, හරි.
 දැනට, ඔයා ගිහින්

209
11:48,000 --> 11:50,460
<b>ආ, හමුවීම සතුටක්.</b>

210
11:56,840 --> 11:57,710
<b>එයා...</b>

211
11:58,050 --> 11:59,720
<b>එයා මාර ලස්සනයි!</b>

212
11:59,720 --> 12:02,760
<b>එයාගේ පින්තූරෙන් එයාගේ ලස්සන හරියට පේන්නේ නෑ!</b>

213
12:02,760 --> 12:03,840
<b>මේක නම් නරකයි!</b>

214
12:03,840 --> 12:06,470
<b>මම කොච්චර කලබල වෙලාද කියනවා නම්, මට කතා කරගන්නත් අමාරුයි!</b>

215
12:06,760 --> 12:09,770
<b>මෙච්චර ලස්සන කෙල්ලෙක් එක්ක යාළු වෙන්න කතා කරනවා බොරු!</b>

216
12:10,100 --> 12:12,190
<b>ඒත් මේක මගේ රස්සාවනේ, ඒක නිසා මට මේක කරන්න වෙනවා!</b>

217
12:12,190 --> 12:13,940
<b>මට බය වෙන්නේ නැතුව කතා කරන්න ඕන නම්,</b>

218
12:13,940 --> 12:16,610
<b>මට මේක කටේ දාගන්නවා ඇරෙන්න
වෙන විකල්පයක් නෑ!</b>

219
12:18,110 --> 12:19,490
<b>ආ?</b>

220
12:19,820 --> 12:20,610
<b>ලියුමක්?</b>

221
12:20,610 --> 12:21,360
<b>මම ඔයාට කැමතියි. මට ඒක ඔයාට මුහුණටම කියන්න ඕනේ,</b>

222
12:21,360 --> 12:22,200
<b>ඒක නිසා ඉස්කෝලේ ඇරුණාම
මම ඔයා එනකල් මිදුලේ බලන් ඉන්නවා.</b>

223
12:22,200 --> 12:23,280
<b>මොකක්?</b>

224
12:23,280 --> 12:26,240
<b>මට ඇත්තටම ලැබුණේ මේ ලෝකේ තියෙන අජපල්ම ආදර ලියුමද?</b>

225
12:30,250 --> 12:34,290
<b>අපොයි, ඔයා ලස්සන නම්, මිනිස්සු
ඔයාට ඕනම දෙයක් කරන්න දෙනවා නේද?</b>

226
12:36,670 --> 12:39,210
<b>ලියුමක් දීලා එකපාරටම
හම්බවෙන්න කතා කරනවා.</b>

227
12:39,210 --> 12:41,340
<b>ඔයාට ඕනද මමත් ඔයාත් එක්ක එනවට?</b>

228
12:41,340 --> 12:42,720
<b>ඇත්තටම, ඒක ලොකු උදව්වක්.</b>

229
12:42,720 --> 12:45,050
<b>"බොරු පෙම්වතා" කියන එකේ ප්‍රධාන අරමුණත් ඒකමනේ.</b>

230
12:45,050 --> 12:47,100
<b>ඔයාට පෙම්වතෙක් ඉන්නවා කියලා මම දැනගෙන හිටියා.</b>

231
12:47,100 --> 12:50,980
<b>ඒත් ඔයා එයාවත් එක්කන් ආවම,
මේ වැඩේ තවත් අමාරු වෙනවා.

232
12:50,980 --> 12:51,600
<b>ආ?</b>

233
12:52,310 --> 12:56,860
<b>පොඩ්ඩක් ඉන්න, ඒ කොහසාමේගේ කටහඬ,
ඒත් එයාගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස්.</b>

234
12:57,730 --> 12:59,980
<b>නෑ, පොඩ්ඩක් ඉන්න, මොන මගුලක්ද ඒ?</b>

235
13:00,400 --> 13:01,610
<b>ඒක පැසිෆයර් එකක්. (සූප්පුවක්)</b>

236
13:01,610 --> 13:03,780
<b>ඔයා ඒක කියන්නේ හරියට
මාස්ක් එකක් දානවා වගේ සාමාන්‍ය දෙයක් වගේනේ!</b>

237
13:04,070 --> 13:05,780
<b>ඔයාව බය කළාට සමාවෙන්න.</b>

238
13:05,780 --> 13:10,450
<b>මට ඇත්තටම සෙනඟ ඉස්සරහට යන්න මාර බයයි,
ඒත් මම බබෙක් වගේ හැසිරුණාම ඒ බය නැතිවෙලා යනවා.</b>

239
13:10,450 --> 13:12,450
<b>මෙයා කිසිම ගානක් නැතුව මාර පිස්සු කතානේ කියන්නේ!</b>

240
13:13,040 --> 13:17,170
<b>පාතාලේ පිරිලා තියෙන්නේ අමුතු මිනිස්සුන්ගෙන් වුණාට,
මෙයා නම් වෙනම ජාතියක කෙනෙක්.</b>

241
13:17,170 --> 13:18,380
<b>ඔව්, එයා ටිකක් අමුතුයි.</b>

242
13:18,710 --> 13:22,920
<b>කොහොම වුණත්, මම ලියුමේ ලියපු දේ ගැන
අපිට කතා කරන්න පුළුවන්ද?</b>

243
13:22,920 --> 13:25,890
<b>ම්ම්, ඉතින්, මම දැනටමත් 
ඔගාමි එක්ක යාලු වෙලා ඉන්නේ.</b>

244
13:25,890 --> 13:27,220
<b>මම දන්නවා.</b>

245
13:27,220 --> 13:29,140
<b>ඒත් මට මේක කියන්නම ඕනේ.</b>

246
13:30,140 --> 13:31,270
<b>ඒක දැක්ක ගමන් ඇති වුණ ආදරයක්.</b>

247
13:32,600 --> 13:34,190
<b>මම ඔයාට ගොඩක් කැමතියි!</b>

248
13:34,190 --> 13:35,600
<b>වාව්, බල කරනවා වැඩියි නේද?</b>

249
13:35,980 --> 13:37,900
<b>ඔයාට දැනටමත් පෙම්වතෙක් ඉන්නවා කියලා මම දන්නවා.</b>

250
13:37,900 --> 13:40,230
<b>එහෙම වුණත්, ඔයා මට අවස්ථාවක් දෙනවද?</b>

251
13:41,730 --> 13:44,860
<b>එයා දිහා ආයෙත් බැලුවාම,
එයාගේ ඇස් ඇත්තටම ලස්සනයි.</b>

252
13:44,860 --> 13:48,240
<b>එයා ඔයා දිහා එහෙම බලද්දී,
ඔයාගේ හදවත ගැහෙන එකත් නවතිනවා වගේ.</b>

253
13:48,620 --> 13:52,330
<b>එයාගේ පෙනුම ලස්සන එක විතරක් නෙමෙයි.</b>

254
13:52,330 --> 13:56,000
<b>එයාගේ මෝහනය කරනවා වගේ
අමුතු ආකර්ෂණයක් තියෙනවා.</b>

255
13:56,420 --> 13:57,330
<b>හැර...</b>

256
13:57,790 --> 13:59,250
<b>එයාගේ කටේ පැසිෆයර් එකක් තියෙනවා!</b>

257
13:59,880 --> 14:03,210
<b>හරි ඉතින්, මට මෙතන කියන්න 
 දේවල් දහයක් විතර තියෙනවා, ඒත්...</b>

258
14:03,210 --> 14:04,130
<b>ඒයි!</b>

259
14:04,880 --> 14:07,640
<b>විකාර දොඩවන එක නවත්තපන්, මෝඩයා!</b>

260
14:08,890 --> 14:12,100
<b>මුලින්ම කියන්න ඕනේ, ඔයා මට එච්චර කැමතිත් නෑ නේද?</b>

261
14:12,850 --> 14:15,140
<b>මම කියන්නේ නෑ දැක්ක ගමන් ආදරයක්
කවදාවත් ඇති වෙන්නේ නෑ කියලා,</b>

262
14:15,140 --> 14:17,600
<b>ඒ වගේම ඔව්, සමහර වෙලාවට දේවල් හිතාගන්න බැරි විදිහට
වේගයෙන් සිද්ධ වෙනවා.</b>

263
14:17,600 --> 14:19,060
<b>ඒත් මේක එහෙම එකක් නෙමෙයි.</b>

264
14:19,060 --> 14:22,400
<b>මට කේන්ති යන්නේ මේක ඔයාට කවුරුහරි
බලෙන් කරවනවා වගේ තේරෙන නිසයි!</b>

265
14:22,980 --> 14:24,900
<b>ඔව්, ආදර යෝජනා වලට මුහුණ දෙන එක අමාරුයි...</b>

266
14:24,900 --> 14:26,900
<b>ඒත් කවුරුහරි මට එයාලගේ ඇත්තම හැඟීම් කිව්වොත්...</b>

267
14:26,900 --> 14:29,280
<b>මම අනිවාර්යයෙන්ම එයාලට ඇත්ත උත්තරයක් දෙනවා.</b>

268
14:29,280 --> 14:31,740
<b>ඒත් කවුරුහරි ඇවිත් මට 
 විහිළුවක් වගේ ආදර යෝජනාවක් කළොත්,</b>

269
14:31,740 --> 14:33,830
<b>හරියට අනිත් අයගේ හැඟීම් වලට විහිළු කරනවා වගේ,</b>

270
14:33,830 --> 14:35,330
<b>මම අනිවාර්යයෙන්ම උන්ට ගහනවා!</b>

271
14:36,660 --> 14:37,790
<b>මොන...</b>

272
14:40,130 --> 14:42,670
<b>කොච්චර කෙලින් කතා කරන, ශක්තිමත් කෙනෙක්ද!</b>

273
14:43,210 --> 14:44,880
<b>මට ඇත්තටම ආදරේ හිතුණා!</b>

274
14:47,420 --> 14:48,800
<b>හොඳ ළමයා, හොඳ ළමයා.</b>

275
14:48,800 --> 14:53,010
<b>මේ වගේ කෙල්ලෙක් මට එහෙම කළා නම්,
මට සතුටින් මැරෙන්න පුළුවන්!</b>

276
14:54,890 --> 14:56,310
<b>නෑ, සමාවෙන්න!</b>

277
14:56,310 --> 14:57,640
<b>මට ඇත්තටම සමාවෙන්න!</b>

278
14:58,100 --> 14:59,810
<b>ඔයා ඒ කිව්ව හැමදේම සම්පූර්ණයෙන්ම හරි.</b>

279
15:00,480 --> 15:02,860
<b>ඒ වගේම මම ඔයාට කැමතියි.
මේ සැරේ නම් ඇත්තටම.</b>

280
15:02,860 --> 15:05,280
<b>කෙනෙක් බොරු කියද්දී ඔයාට ඒක තේරෙනවා නම්,
එයාලා ඇත්ත කියද්දිත් ඔයාට ඒක තේරෙන්න ඕනේ.</b>

281
15:07,280 --> 15:09,070
<b>ඉතින්, කොහොම වුණත්, ඔයාගේ පෙම්වතා...</b>

282
15:09,070 --> 15:10,280
<b>ඔගාමි.</b>

283
15:10,280 --> 15:11,870
<b>"ඔගාමි," හරි.</b>

284
15:14,120 --> 15:14,870
<b>නිකම්ම එහෙම?</b>

285
15:16,700 --> 15:17,750
<b>එයා මගේ පිටිපස්සට ආවද?</b>

286
15:18,120 --> 15:20,290
<b>ඔයාත් මේ රස්සාවෙම නේද ඉන්නේ?</b>

287
15:20,290 --> 15:24,590
<b>මම කවදාවත් හිතුවේ නෑ ඔය වගේ හදිසි ආදර යෝජනාවක්
ඇත්තටම සාර්ථක වෙයි කියලා.</b>

288
15:24,920 --> 15:28,880
<b>මගේ සැලසුම වුණේ මුලින්ම හොඳ හැඟීමක් ඇති කරලා,
ඊටපස්සේ ටිකෙන් ටික ඒකට යොමු වෙන්න.</b>

289
15:28,880 --> 15:29,550
<b>ඒත්...</b>

290
15:29,930 --> 15:31,050
<b>මම මගේ අදහස වෙනස් කරගත්තා.</b>

291
15:33,140 --> 15:35,140
<b>නොරෙන්ගේ පෙම්වතා කියන තනතුර
ඔට්ටුවට තියලා...</b>

292
15:35,810 --> 15:37,270
<b>මම ඔයාට ද්වන්ධ සටනකට අභියෝග කරනවා.</b>

293
15:37,270 --> 15:39,020
<b>ආ?
 ද්වන්ධ සටනක්?</b>

294
15:39,020 --> 15:40,060
<b>අරකට.</b>

295
15:40,690 --> 15:45,070
<b>ඔය ෆවුන්ටන් පෑන තමයි
නිල පෙම්වතා කවුද කියන එකේ සාක්ෂිය.</b>

296
15:45,770 --> 15:50,030
<b>ද්වන්ධ සටනකට අභියෝග කළාම,
ඒක භාරගන්නම වෙනවා.</b>

297
15:50,450 --> 15:53,070
<b>ඒකට අදාළ නීතිරීති
දැනටමත් නිවේදනය කරලා තියෙන්නේ.</b>

298
15:53,070 --> 15:54,280
<b>පොඩ්ඩක් ඉන්න, ඒකෙන් මොකක්ද අදහස් කරන්නේ?</b>

299
15:54,830 --> 15:56,290
<b>කවදා ඉඳන්ද?</b>

300
15:56,700 --> 16:00,000
<b>එතකොට ඔයා පැරදුණොත්, පෙම්වතාගේ තනතුර 
ඉබේම වෙනස් වෙනවද?</b>

301
16:00,000 --> 16:03,500
<b>අපොයි! මේක තව තවත්

302
16:04,170 --> 16:07,590
<b>කොටින්ම කිව්වොත්, ඔයා තීරණය කළා එයාව
ලේසියෙන්ම ඉක්මනින් උදුරගන්න ඕනේ කියලා, නේද?</b>

303
16:07,590 --> 16:08,670
<b>හරියටම හරි.</b>

304
16:08,670 --> 16:10,420
<b>සුසුමක්...</b>

305
16:10,880 --> 16:12,630
<b>කරුණාකරලා නොරෙන්ව මට දෙන්න.</b>

306
16:13,050 --> 16:15,680
<b>මට ඔය ද්වන්ධ සටන් ගැනවත්
වෙන මොකක් ගැනවත් ගාණක් නෑ.</b>

307
16:15,680 --> 16:17,770
<b>ඒත් මම නොරෙන්ව දෙන්නේ නෑ!</b>

308
16:17,770 --> 16:19,680
<b>ඔයා ඔයාගේම යහපතට වඩා ගොඩක් අමුතු කෙනෙක්.</b>

309
16:19,680 --> 16:20,350
<b>මිට්සුඕකා ෆාමසූටිකල්ස්</b>

310
16:20,350 --> 16:24,690
<b>ඉතින්, අන්තිමට ෆවුන්ටන් පෑන තියෙන්නේ කාගෙද
එයා තමයි පෙම්වතා...</b>

311
16:24,980 --> 16:26,190
<b>එහෙමද?</b>

312
16:26,190 --> 16:27,780
<b>ඒක නම් මාර දරුණුයි!</b>

313
16:27,780 --> 16:29,320
<b>අල්ලගෙන ඉන්න, ඔගා!</b>

314
16:29,320 --> 16:30,650
<b>මේක හිනා වෙන්න කාරණයක් නෙමෙයි!</b>

315
16:30,990 --> 16:33,110
<b>නොරෙන්, ඔයා හොඳින්ද?</b>

316
16:33,110 --> 16:35,530
<b>නෑ, මම හොඳින් නෙමෙයි!</b>

317
16:35,530 --> 16:38,740
<b>මං වෙනුවෙන් මිනිස්සු මේ වගේ
ලොකු සටනක් කරන එකට මම වෛර කරනවා!</b>

318
16:38,740 --> 16:39,910
<b>මට වමනේ යන්න වගේ එනවා!</b>

319
16:40,830 --> 16:44,290
<b>අනික ඔගාමි මේක කරන්නේ
මම එයාට මේක රඟපාන්න කිව්ව නිසයි.</b>

320
16:44,290 --> 16:47,630
<b>මම මුලින්ම කාත් එක්කවත් යාලු වෙන්න
සැලසුම් කරගෙන හිටියා නෙමෙයිනේ!</b>

321
16:47,630 --> 16:48,840
<b>ඔගාමි...</b>

322
16:49,210 --> 16:50,710
<b>කමක් නෑ, මාස්ටර්.</b>

323
16:51,380 --> 16:53,220
<b>මම දැන් මේකට බැහැලා ඉන්නේ.</b>

324
16:53,220 --> 16:55,970
<b>මේක මොන වගේ තරඟයක් වුණත් මම පරදින්නේ නෑ.</b>

325
16:58,390 --> 17:00,770
<b>එයාලා කියන්නේ මේක නොරෙන් මිට්සුඕකා වෙනුවෙන් කරන ද්වන්ධ සටනක් කියලා!</b>

326
17:01,100 --> 17:02,850
<b>අර අන්තර්ජාලේ දාලා තිබ්බ එකද?</b>

327
17:02,850 --> 17:04,980
<b>පිස්සු හැදෙයි! එයාලා ඇත්තටම ඒක කරනවද?</b>

328
17:05,310 --> 17:07,060
<b>තරඟය පැයක් තියෙනවා.</b>

329
17:07,060 --> 17:09,820
<b>මගේ අරමුණ ඔයාට මේ පැසිෆයර් එක
කටේ දාගන්න සලස්වන එකයි.</b>

330
17:10,150 --> 17:13,320
<b>ඔයාට ඒක කටේ දාගන්නේ නැතුව බේරෙන්න පුළුවන් වුණොත්,
ඔයා දිනනවා.</b>

331
17:14,320 --> 17:15,610
<b>පැසිෆයර් එකක්!</b>

332
17:16,030 --> 17:17,530
<b>මේ මොන විකාර තරඟයක්ද?</b>

333
17:17,830 --> 17:19,870
<b>පැසිෆයර් එකක්? මොකක්?</b>

334
17:19,870 --> 17:21,160
<b>මට තේරෙන්නේ නෑ!</b>

335
17:21,160 --> 17:23,660
<b>ඇයි එයා මුලින්ම එකක්
සූප්පු කරන්නේ?</b>

336
17:24,080 --> 17:26,210
<b>මම ඔයාට ආදරෙයි, නොරෙන්.</b>

337
17:26,210 --> 17:27,460
<b>මම ඇත්තටමයි කියන්නේ.</b>

338
17:27,840 --> 17:30,170
<b>ඉතින්, මම මේ ද්වන්ධ සටනින් දිනුවොත්...</b>

339
17:30,800 --> 17:32,260
<b>මට ඕනේ ඔයාගේ උකුල...</b>

340
17:32,260 --> 17:33,260
<b>හොඳ ළමයා, හොඳ ළමයා.</b>

341
17:33,260 --> 17:34,340
<b>...කොට්ටයක් විදිහට පාවිච්චි කරන්න.</b>

342
17:34,340 --> 17:35,880
<b>සමාවෙන්න. එහෙම වෙන්නේ නෑ.</b>

343
17:38,800 --> 17:40,220
<b>අපි පටන්ගමු.</b>

344
17:40,640 --> 17:43,600
<b>අන්තිම වැලි කැටය වැටුණාම,
හරියටම පැයක් ගතවෙලා තියෙයි.</b>

345
17:43,600 --> 17:45,600
<b>ඔව්, ඔව්, අපි මේක කරමු දැන්.</b>

346
17:45,600 --> 17:46,650
<b>පටන්ගන්න!</b>

347
17:50,610 --> 17:51,530
<b>බොස්!</b>

348
17:51,530 --> 17:52,990
<b>මම සූදානම් වෙලා හිටියත්, ඒක ගොඩක් ළඟින් ගියේ.</b>

349
17:53,530 --> 17:56,110
<b>අමුතු ගතිගුණ පැත්තකින් තිබ්බොත්,
එයාගේ දක්ෂතා නම් ඇත්තම ඒවා.</b>

350
17:56,780 --> 17:57,610
<b>ඒක පටන්ගත්තා!</b>

351
17:57,610 --> 17:58,950
<b>දෙවියනේ!</b>

352
18:01,580 --> 18:03,410
<b>ආ, මේක පැහැදිලිවම නරකයි නේද?</b>

353
18:03,830 --> 18:06,170
<b>තමන්ගේ අනන්‍යතාවය හෙළි කරගන්නේ නැතුව
පැනලා යන්න හදන එක!</b>

354
18:06,580 --> 18:07,670
<b>වෙනත් විදිහකින් කිව්වොත්, පැයක් යනකල්...</b>

355
18:08,130 --> 18:10,380
<b>මට සිද්ධ වෙනවා පුළුවන් තරම් අසරණ විදිහට
එයාගේ ප්‍රහාර වලින් බේරෙන්න!</b>

356
18:10,380 --> 18:11,750
<b>අමුතු විදිහකට, ඒකත් වෘත්තීය මට්ටමේ වැඩක්!</b>

357
18:15,340 --> 18:16,220
<b>මේක වාසනාවද?</b>

358
18:16,680 --> 18:18,180
<b>එයා ඇත්තටම 
 එයාගේ ප්‍රහාර වලින් බේරෙනවා!</b>

359
18:19,010 --> 18:20,800
<b>මට මේ තරුණ ශරීරය ලැබෙන්නත් කලින්,</b>

360
18:20,800 --> 18:23,100
<b>මේ වගේ දක්ෂ කෙනෙක්ට මුහුණ දීලා
ගොඩක් කල්.</b>

361
18:23,100 --> 18:24,640
<b>එයා ඇත්තටම ශක්තිමත්.</b>

362
18:24,930 --> 18:26,140
<b>අන්න ඒ නිසයි...</b>

363
18:26,560 --> 18:28,850
<b>එයා මගේ කටේ පැසිෆයර් එකක් දැම්මොත්
මම පරදින තරඟයක්...</b>

364
18:29,150 --> 18:30,060
<b>මොන මගුලක්ද?</b>

365
18:34,860 --> 18:37,070
<b>ශ්!</b>

366
18:42,580 --> 18:45,290
<b>නොරෙන් මාව ප්‍රතික්ෂේප කළාට පස්සේ,
මම ඒ ගැන කල්පනා කළා.</b>

367
18:45,290 --> 18:48,000
<b>අපේ අතරේ තියෙන ඇත්තම වෙනස මොකක්ද?</b>

368
18:48,330 --> 18:50,000
<b>එතකොට මට තේරුණා.</b>

369
18:50,290 --> 18:51,540
<b>අපි දෙන්නගෙන් එක්කෙනෙක් බබෙක්...</b>

370
18:51,540 --> 18:52,750
<b>අනිත් කෙනා...</b>

371
18:53,050 --> 18:53,750
<b>නෑ!</b>

372
18:54,050 --> 18:55,460
<b>ඔයා ඔය මොන මගුලක් ගැනද කතා කරන්නේ?</b>

373
19:06,680 --> 19:08,480
<b>නිකම් ඒක ඔයාගේ කටේ දාගෙන  බලන්න,</b>

374
19:08,480 --> 19:10,020
<b>එතකොට ඔයාට තේරෙයි ඒක කොච්චර නියමද කියලා!</b>

375
19:10,020 --> 19:12,440
<b>ඊටපස්සේ අපි දෙන්නම බබාලා වුණාම...</b>

376
19:12,730 --> 19:13,980
<b>මම තමයි උසස්ම කෙනා වෙන්නේ!</b>

377
19:14,320 --> 19:16,440
<b>හරියන්නේ නෑ! ඔයා ඔය කියන දේවල් ගැන

378
19:18,280 --> 19:19,490
<b>හැමදේකටම වඩා...</b>

379
19:19,490 --> 19:21,490
<b>මම නොරෙන්ට ආදරෙයි!</b>

380
19:21,990 --> 19:23,950
<b>එයා ගැන ඔයාට තියෙන හැඟීම්
මට තියෙන ඒවාට වඩා ප්‍රබලද?</b>

381
19:25,410 --> 19:27,290
<b>නොරෙන් ගැන මගේ හැඟීම්...</b>

382
19:27,290 --> 19:28,540
<b>මගේ...</b>

383
19:29,160 --> 19:30,250
<b>නෑ.</b>

384
19:30,250 --> 19:31,670
<b>එක මිලිමීටරයක්වත් නෑ.</b>

385
19:31,670 --> 19:32,960
<b>මම වැඩිහිටි මිනිහෙක්.</b>

386
19:33,460 --> 19:36,460
<b>මම මේක බාරගත්තේ මම මුරණ්ඩු වෙලා
මගේ මතේම හිටපු නිසා විතරයි.</b>

387
19:37,130 --> 19:38,130
<b>හා...</b>

388
19:38,130 --> 19:40,800
<b>ඉතින්, මම පැරදුණොත්, නරකම දේ වුණොත්,
ඒකට කරන්න දෙයක් නෑ.</b>

389
19:40,800 --> 19:41,970
<b>මේ ඔක්කොම ඒකටද?</b>

390
19:45,930 --> 19:48,560
<b>තාත්තාට</b>

391
19:48,560 --> 19:49,230
<b>තාත්තා!</b>

392
19:49,770 --> 19:51,480
<b>නෑ. වැරදියි.</b>

393
19:52,480 --> 19:53,860
<b>ඒක ඊට වඩා දෙයක්.</b>

394
19:55,570 --> 19:57,190
<b>තව විනාඩියක් විතර තියෙනවා.</b>

395
19:59,700 --> 20:00,650
<b>අන්න එයාලා ඉන්නවා!</b>

396
20:00,650 --> 20:02,110
<b>අර එහේ!</b>

397
20:05,370 --> 20:06,410
<b>එයා ඒක විසි කළා!</b>

398
20:06,410 --> 20:07,580
<b>ආ? ඉවරද?</b>

399
20:08,040 --> 20:10,080
<b>ඔව්, මේකෙන් ඉවර වෙනවා.</b>

400
20:10,540 --> 20:11,330
<b>හැර...</b>

401
20:17,630 --> 20:20,010
<b>මම කවදාවත් කිව්වේ නෑ ඒක විතරයි
තියෙන එකම පැසිෆයර් එක කියලා.</b>

402
20:20,300 --> 20:21,260
<b>උගුලක්!</b>

403
20:21,260 --> 20:23,840
<b>ගොඩක් ඒවා එයාගේ දිහාට පියාඹලා එනවා!</b>

404
20:29,180 --> 20:31,980
<b>එයා මට පැනලා යන්න පාරක් හිතාමතාම ඉතුරු කළා!</b>

405
20:32,640 --> 20:34,690
<b>එයා රේක්කයක් උඩට පනින්න යන්නේ!</b>

406
20:34,690 --> 20:36,150
<b>ඒක පෑගුවොත්...</b>

407
20:36,150 --> 20:38,400
<b>...මිට උඩට ඇවිත් ඔයාගේ මූණටම වදිනවා!</b>

408
20:38,980 --> 20:41,150
<b>ඒ වගේම ඒකේ අගට පැසිෆයර් එකක් අමුණලා තියෙනවා!</b>

409
20:41,490 --> 20:45,410
<b>- ඒ වගේම එයාට ඒක වළක්වන්න බෑ!- ඒක අනිවාර්යයෙන්ම එයාගේ කටට යනවා!</b>

410
20:46,160 --> 20:47,160
<b>මොක...</b>

411
20:49,370 --> 20:50,700
<b>ඒක නැවතුණා!</b>

412
20:50,700 --> 20:51,790
<b>කොහොමද?</b>

413
20:57,670 --> 20:59,710
<b>ඉතින්, එයා පිටිපස්සට පනිද්දී...</b>

414
21:00,590 --> 21:02,170
<b>එයා දැනටමත්...</b>

415
21:02,630 --> 21:04,430
<b>ලී කැටයම් කරන පිහි විසි කරලද තිබ්බේ?</b>

416
21:06,300 --> 21:08,310
<b>එයා පැයම අල්ලගෙන හිටියා!</b>

417
21:08,310 --> 21:09,970
<b>එයා කොහොමද අන්තිමට ඒක කළේ?</b>

418
21:09,970 --> 21:11,730
<b>ඔගාමි දිනනවා!</b>

419
21:12,810 --> 21:14,350
<b>අදහාගන්නත් බෑ!</b>

420
21:14,350 --> 21:15,690
<b>මගේ ආදරය...</b>

421
21:16,060 --> 21:17,730
<b>ඇත්තටම පැරදුණා!</b>

422
21:18,360 --> 21:19,520
<b>සමාවෙන්න.</b>

423
21:19,860 --> 21:22,440
<b>මගේ එක ඔයාගේ එකට වඩා ප්‍රබලද කියලා මම දන්නේ නෑ...</b>

424
21:23,320 --> 21:26,370
<b>ඒත් මටත් නොරෙන් ගැන හැඟීම් තියෙනවා.</b>

425
21:26,820 --> 21:28,700
<b>ඒත් ඒවා කිසිසේත්ම ඔයාගේ ඒවා වගේ නෙමෙයි.</b>

426
21:30,700 --> 21:31,950
<b>මට ඒක දැන් තමයි තේරුණේ.</b>

427
21:32,910 --> 21:36,960
<b>මම නොරෙන්ගෙන් කොසුවේව දැක්කා.</b>

428
21:37,540 --> 21:39,920
<b>මට කොසුවේ වෙනුවෙන්  කරන්න බැරි වුණ දේවල් ගොඩක් තියෙනවා.</b>

429
21:40,670 --> 21:42,460
<b>සමහරවිට ඒක නිකම්ම ස්වයං-තෘප්තියක් වෙන්න ඇති.</b>

430
21:42,920 --> 21:47,640
<b>එහෙම වුණත්, නොරෙන් අන්තිමට දුක් වෙනවා
දකින්න මට ඕන නෑ.</b>

431
23:21,150 --> 23:23,980
<b>ඔව්, එයා අනිවාර්යයෙන්ම ගොඩක් දුකින් ඉන්නේ.</b>

432
23:25,320 --> 23:27,940
<b>ඒත් මා වෙනුවෙන් කොල්ලො දෙන්නෙක් සටන් කරන එකට
කොහොම මුහුණ දෙන්නද කියලත් මම දන්නේ නෑ.</b>

433
23:27,940 --> 23:31,700
<b>හෝම් ඉක් කාමරය
ම්ම්, අපේ අලුත් සමාජයේ සාමාජිකයා තමයි...</b>

434
23:32,370 --> 23:34,200
<b>ෂින් කොහසාමේ.</b>

435
23:34,910 --> 23:35,540
<b>ඒයි!</b>

436
23:35,790 --> 23:37,910
<b>මම අත්හරින්නේ නෑ, නොරෙන්!</b>

437
23:37,910 --> 23:40,000
<b>ආ, නෑ, කරුණාකරලා අත්හරින්න.</b>

