1
00:00:03,517 --> 00:00:04,767
{\an8}නට්සුකියා රාමන්

2
00:00:04,768 --> 00:00:05,893
{\an8}<i>ඇයි?</i>

3
00:00:05,894 --> 00:00:08,146
ඔයාට සාමාන්‍යයෙන් කන
<i>ශෝයු</i> රාමන් එක හොඳටම ඇතිනේ!

4
00:00:08,147 --> 00:00:11,650
ඇයි ඔයාට මුහුදු ආහාරයි <i>ටොන්කොට්සු</i> සුප් එකයි තියෙන
උකු <i>ට්සුකෙමෙන්</i> එකක්ම ඕනේ?

5
00:00:12,234 --> 00:00:15,486
සෙබළෙකුගේ පිපාසය
මේකෙන් නිවන්න බෑ!

6
00:00:15,487 --> 00:00:17,113
මෝඩි!

7
00:00:17,114 --> 00:00:20,034
ඉදිරිපෙළට කවදත් හරියන්නේ
<i>ට්සුකෙමෙන්</i> තමයි!

8
00:00:31,420 --> 00:00:32,670
ඇයි...

9
00:00:32,671 --> 00:00:34,547
මුහුදු ආහාරයි <i>ටොන්කොට්සුයි</i>...

10
00:00:34,548 --> 00:00:35,799
ඒගොල්ලන්ගේ උගුර...

11
00:00:40,000 --> 00:01:00,000
<font color="#00CED1">උපසිරැසිකරණය: SACHII ILONI </font></b>

12
00:01:05,000 --> 00:01:30,000
{\an5}<font size="30"color="#008000"><b>SL ANIME CLUB</b></font>

13
00:02:14,231 --> 00:02:15,982
<i>මම වැඳල කියන්නෙ, නොරෙන්!</i>

14
00:02:15,983 --> 00:02:17,568
<i>දැන්මම ඇහැරෙන්න එපා!</i>

15
00:02:18,152 --> 00:02:21,530
නොරෙන් මිට්සුඕකා දැනටමත් මෝහනය වෙලා ඉන්නේ.

16
00:02:22,072 --> 00:02:27,410
එයා අවදි වුණාම, මුලින්ම දකින
කෙනාට ආදරය කරන්න පටන් ගනීවි!

17
00:02:27,411 --> 00:02:29,078
<i>මොන මගුලක්ද?</i>

18
00:02:29,079 --> 00:02:32,748
<i>එයිජි රින්ඩෝ කොහොමත් එහෙමයි,
හැබැයි ටෙන්මා දිහාත් බලන්න එපා!</i>

19
00:02:32,749 --> 00:02:33,792
<i>බැලුවොත්...</i>

20
00:02:34,376 --> 00:02:37,044
{\an8}<i>සම්බන්ධතා ජාලය
ගොඩක් පැටලෙවි!</i>

21
00:02:37,045 --> 00:02:39,798
{\an8}<i>හෝම් එකි ක්ලබ් එකේ
දේවල් පවා අවුල් වෙයි!</i>

22
00:02:46,847 --> 00:02:48,014
චාෂු ටොපිං

23
00:02:48,015 --> 00:02:48,931
ආ?

24
00:02:48,932 --> 00:02:51,684
ඇයි ඔයා බැරල්
<i>චාෂු</i> වලින් පුරවන්නේ?

25
00:02:51,685 --> 00:02:53,144
මේක සාමය වෙනුවෙන්!

26
00:02:53,145 --> 00:02:54,937
මට ඒක තවත් පත්තු කරන්න බෑ!

27
00:02:54,938 --> 00:02:56,188
ඔයාට විශ්වාසද?

28
00:02:56,189 --> 00:02:59,192
මට හිතෙනවා ඔයාට ඒක සාමාන්‍ය විදිහටම
පත්තු කරන්න පුළුවන් කියලා, ඒක නිසා විශ්වාසද?

29
00:02:59,818 --> 00:03:00,694
හ්ම්?

30
00:03:05,157 --> 00:03:06,532
මාළු කුඩු?

31
00:03:06,533 --> 00:03:07,701
ආ?

32
00:03:10,579 --> 00:03:12,623
ඕ... ඔයා හරි.

33
00:03:16,376 --> 00:03:17,961
නතර කරන්න!

34
00:03:20,172 --> 00:03:23,008
මාළු කුඩු
ඒගොල්ලන්ව තවත් තිබහ කරනවා.

35
00:03:43,403 --> 00:03:44,738
ටයිම් අවුට්!

36
00:03:45,322 --> 00:03:46,740
පොඩ්ඩක් හුස්ම ගමු!

37
00:03:48,992 --> 00:03:51,119
සමාවෙන්න මම මේක ඔයාට විසි කළාට!

38
00:03:54,414 --> 00:03:56,416
මම මේවා මෙහෙට එන්න කලින් ගත්තා.

39
00:03:57,793 --> 00:04:00,795
<i>කොහොම වුණත්, මෙයා මාරයි!</i>

40
00:04:00,796 --> 00:04:04,424
<i>ඉතින්, මම මීට කලින් ගොල්ෆ් ගහලා නෑ,
ඒත් මට හිතෙනවා එයා ඒකට ගොඩක් දක්ෂයි කියලා!</i>

41
00:04:05,008 --> 00:04:10,096
<i>ඒ වගේ නිරවද්‍යතාවයක් සහ බලයක්
දවසකින් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙවෙයි.</i>

42
00:04:10,097 --> 00:04:12,140
<i>ඔයා ප්‍රෝ ගොල්ෆ් ක්‍රීඩකයෙක් වෙන්න උත්සාහ කරන්න ඕනේ!</i>

43
00:04:12,849 --> 00:04:15,393
<i>මට මෙයාගෙ වැඩේ ගැන හරියටම තේරෙන්නේ නෑ...</i>

44
00:04:15,394 --> 00:04:21,275
<i>ඒත් එයා මිනිස්සුන්ව මරනවද නැද්ද කියලා
තීරණය කරන ජාතියේ කෙනෙක්.</i>

45
00:04:22,025 --> 00:04:25,236
<i>එයාට ඒ තරම් හැකියාවක් තියෙන එක
ඇත්තටම දුකයි,</i>

46
00:04:25,237 --> 00:04:27,948
<i>අනික මම මේ වගේ හැඟීමකින් ඉද්දී
එයා එක්ක සටන් කරන්න කැමති නෑ.</i>

47
00:04:37,666 --> 00:04:39,083
"එකඟයි"...

48
00:04:39,084 --> 00:04:41,044
පොඩ්ඩක් ඉන්න, ඔයාට ඔයාගේ හිතේ තියෙන දේ කියන්න පුළුවන්!

49
00:04:42,045 --> 00:04:45,339
"ඔයා පුදුමයි. ඔයාව මරන්න ඕනේ නෑ."

50
00:04:45,340 --> 00:04:46,257
මොකක්...

51
00:04:46,258 --> 00:04:48,427
එහෙනම් අපි මේ විකාරෙ නතර කරමු!

52
00:04:49,386 --> 00:04:52,973
"ඒත් මට මගේ මෙහෙයුම අතහරින්න බෑ.

53
00:04:53,515 --> 00:04:58,228
අනික මට දැන් ලොකුවට හිතන්නත් බෑ.

54
00:04:58,770 --> 00:05:01,440
මගේ අයියා ඒක හදන්න උත්සාහ කරනවා.

55
00:05:02,024 --> 00:05:04,150
මටත් ඒක හදන්න ඕනේ.

56
00:05:04,151 --> 00:05:07,487
එයා වෙනුවෙන් මේක ඉවරයක් වෙන්න ඕනේ.

57
00:05:07,988 --> 00:05:09,655
එයා ටිකක් භයානකයි,

58
00:05:09,656 --> 00:05:13,327
ඒත් මගේ අයියා තමයි මට ඉන්න
වටිනාම කෙනා."

59
00:05:18,165 --> 00:05:19,583
ඔයා මාව අහු කරගත්තා!

60
00:05:20,125 --> 00:05:21,917
මට පස්සට යන්න බෑ!

61
00:05:21,918 --> 00:05:24,838
අනික මම හොඳ සාකච්ඡාකරුවෙකුත් නෙවෙයි!

62
00:05:25,547 --> 00:05:29,301
තරඟයට කලින් මම ඇත්තටම විරුද්ධකාරයා ගැන
දැනගන්න එක හොඳ නෑ.

63
00:05:30,427 --> 00:05:31,887
ඒ කියන්නේ

64
00:05:32,471 --> 00:05:35,015
මම පැරදුණාට කමක් නෑ කියන එක නෙවෙයි!

65
00:05:35,724 --> 00:05:36,640
හොඳයි,

66
00:05:36,641 --> 00:05:38,560
අපි ආයෙත් තරඟයට බහිමු!

67
00:05:40,228 --> 00:05:42,021
ටෙන්මා! ඔයා හොඳින්ද?

68
00:05:42,022 --> 00:05:44,190
ඔගාමි!
ඔයා ගැන මොකද හිතන්නේ?

69
00:05:44,191 --> 00:05:46,026
ඔව්! මම මගේ පැත්තෙන් ඉවරයි!

70
00:05:47,277 --> 00:05:48,861
නොරෙන් ගැන මොකද?

71
00:05:48,862 --> 00:05:49,696
ආ?

72
00:05:51,031 --> 00:05:53,325
<i>හොඳයි! එයා තවම ඇහැරිලා නෑ!</i>

73
00:05:53,950 --> 00:05:56,035
ඔයා ඉවරද? ඒ කියන්නේ...

74
00:05:56,036 --> 00:05:57,328
ඔව්!

75
00:05:57,329 --> 00:05:59,206
මම ලොකු අයියව පරද්දලා දැම්මා.

76
00:06:00,582 --> 00:06:03,626
බොස්, ඒක කියන්න පුළුවන් නරකම විදිහ තමයි ඒ!

77
00:06:03,627 --> 00:06:04,960
ඔයා එයාව මැරුවේ නෑනේ!

78
00:06:04,961 --> 00:06:07,506
ඕ, සමාවෙන්න. පරණ පුරුදු.

79
00:06:33,657 --> 00:06:37,660
ඔගාමි!
මට කියන්න එපා ඔයා අනිත් කෙනා එක්ක

80
00:06:37,661 --> 00:06:38,619
කළේ නෑ!

81
00:06:38,620 --> 00:06:40,663
මම එයාට සිහිය නැති වෙන්න ගැහුවා විතරයි!

82
00:06:40,664 --> 00:06:44,876
<i>ඒත් මට හිතෙනවා ඒ මනුස්සයා හිතන්නේ
ඔයා එයාගේ ලොකු අයියව මැරුවා කියලා!</i>

83
00:06:47,712 --> 00:06:49,840
<i>එයාට කේන්ති ගිහින් දැන් පාලනයක් නැතුව වෙඩි තියනවා!</i>

84
00:06:50,423 --> 00:06:54,594
<i>ඒකෙන් ඒවගෙන් බේරෙන්න අමාරු වෙනවා
වගේම වෙඩි තියලා බිම දාන්නත් බැරි වෙනවා!</i>

85
00:06:55,178 --> 00:06:57,012
<i>ෂිට්, මම මේක කොහොමද නවත්තන්නේ?</i>

86
00:06:57,013 --> 00:06:58,764
<i>එයාගේ අත් කකුල් වලට වෙඩි කිහිපයක් තියන්නද?</i>

87
00:06:58,765 --> 00:07:00,683
<i>නෑ, ඔලුවටම වෙඩි තියන්නද?</i>

88
00:07:00,684 --> 00:07:03,687
<i>කොහොම වුණත්,
ටෙන්මාට ලේ දකින්න දෙන්න මට බෑ!</i>

89
00:07:04,271 --> 00:07:07,189
- ඔගාමි!
මට මෙතනින් භාරගන්න දෙන්න!

90
00:07:07,190 --> 00:07:10,317
{\an8}තත්පර කිහිපයකට හරි
එයාගේ අවධානය ගන්න!

91
00:07:10,318 --> 00:07:13,738
එතකොට මම ඔයාට නියම මාරක ෂොට් එකක් පෙන්නන්නම්!

92
00:07:17,576 --> 00:07:18,868
හේයි, මෙහෙට!

93
00:07:18,869 --> 00:07:20,370
ඒ බෝලෙ මගේ පැත්තට එවන්න!

94
00:07:27,919 --> 00:07:28,712
බොස්?

95
00:07:31,131 --> 00:07:32,507
<i>ප්‍රශ්නයක් නෑ!</i>

96
00:07:36,803 --> 00:07:39,473
<i>මාරක ෂොට් එකක්?
ඇත්තටමද?</i>

97
00:07:40,182 --> 00:07:43,267
<i>ඒත් ටෙන්මා බොරු කියන ජාතියේ කෙනෙක් නෙවෙයි.</i>

98
00:07:43,268 --> 00:07:45,060
<i>ඔයාට ඒක කරන්න පුළුවන් කියලා කියනවා නම්...</i>

99
00:07:45,061 --> 00:07:46,354
<i>මම ඔයාව විශ්වාස කරනවා.</i>

100
00:07:47,022 --> 00:07:49,940
<i>පාපන්දු කියන්නේ බෝලෙට කැරකැවීම් එකතු කරන්න
පුළුවන් තවත් ක්‍රීඩාවක්.</i>

101
00:07:49,941 --> 00:07:53,236
<i>උදාහරණයක් විදිහට, බනානා කික්ස්
සහ නකල්බෝල් ෂොට්ස් තියෙනවා.</i>

102
00:07:54,196 --> 00:07:58,116
ඒත් පාපන්දු වලදී ඔයාට
කලාතුරකින් දකින්න ලැබෙන එක කැරකැවීමක් තියෙනවා.

103
00:07:58,700 --> 00:08:00,075
ඒ මොකක්ද කියලා ඔයා දන්නවද?

104
00:08:00,076 --> 00:08:02,746
දන්නේ නෑ. ඒ ගැන කවදාවත් හිතලා නෑ.

105
00:08:04,206 --> 00:08:05,331
ස්පයිරල් එකක්!

106
00:08:05,332 --> 00:08:07,125
වෙනත් විදිහකින් කිව්වොත්, ගයිරෝ ස්පින් එකක්!

107
00:08:07,751 --> 00:08:09,210
<i>ඒක හරියටම උණ්ඩයක් වගේ.</i>

108
00:08:09,211 --> 00:08:12,714
<i>බෝලය යන දිශාවට
ස්පයිරල් කැරකැවීමක් දැම්මාම</i>

109
00:08:13,381 --> 00:08:16,343
ඒකේ විනිවිද යන බලය සීඝ්‍රයෙන් වැඩි වෙනවා.

110
00:08:16,843 --> 00:08:18,303
අඩුම තරමේ කඩදාසියකවත්.

111
00:08:19,221 --> 00:08:22,306
ඔයා නිකන් විහිළු කර කර ඉද්දී
ඕක හිතාගත්තා නේද?

112
00:08:22,307 --> 00:08:24,476
ඔයා හරි දක්ෂයි වගේ රඟපාන එක නවත්තන්න.

113
00:08:37,322 --> 00:08:38,156
සිරාවටමද?

114
00:08:48,041 --> 00:08:50,376
ඔයා කොන්ක්‍රීට් එක කැඩුවා!

115
00:08:50,377 --> 00:08:51,835
ඒක කොහොමද?

116
00:08:51,836 --> 00:08:55,047
ඒක බලවත්, ඒත් ඒකෙන් මාව නිරාවරණය වෙනවා.

117
00:08:55,048 --> 00:08:56,925
ඉතින්, මට ඒක ක්‍රීඩාවකදී පාවිච්චි කරන්න බෑ.

118
00:08:57,551 --> 00:08:58,635
ඒක වැඩක් නෑ.

119
00:09:02,389 --> 00:09:05,809
සමාවෙන්න මචං, ඒත් මම මේක ඉවරයක් කරනවා!

120
00:09:09,604 --> 00:09:15,527
සුපර් ගයිරෝ ස්පින් ෂොට්!

121
00:09:58,236 --> 00:09:59,613
<i>හුටා, සිරාවටම?</i>

122
00:10:00,363 --> 00:10:04,242
<i>ඒ කොල්ලා ජාර්ඩින් ඝාතකයෙක්ව පරද්දලා දැම්මා!</i>

123
00:10:07,412 --> 00:10:11,165
අපි කොහොම හරි ඒකෙන් බේරුණා ඒත් මේ අවුල...

124
00:10:11,166 --> 00:10:13,500
අපි දැන් මොන මගුලක්ද කරන්නේ?
හේයි...

125
00:10:13,501 --> 00:10:14,793
ඔගාමි!

126
00:10:14,794 --> 00:10:17,463
මට ඔයාගෙන් අහන්න ගොඩක් දේවල් තියෙනවා!

127
00:10:17,464 --> 00:10:20,841
මේ අය ගැන
ඔයා දන්නවා නේද?

128
00:10:20,842 --> 00:10:22,259
හොඳයි, අම්...

129
00:10:22,260 --> 00:10:23,260
බොස්...

130
00:10:23,261 --> 00:10:25,512
අපිට මේ අවුල සුද්ද කරන්න බෑ!
අපිට හොඳටම කෙලවෙලා ඉන්නේ!

131
00:10:25,513 --> 00:10:26,723
- ආ?
- ආ?

132
00:10:28,391 --> 00:10:29,892
සුබ උදෑසනක්.

133
00:10:29,893 --> 00:10:31,227
ආ?

134
00:10:31,811 --> 00:10:34,022
ඔගාමි?

135
00:10:51,790 --> 00:10:52,706
ඕ...

136
00:10:52,707 --> 00:10:54,792
අ-අම්...

137
00:10:54,793 --> 00:10:56,043
මොන...

138
00:10:56,044 --> 00:10:58,755
ඇයි මම මෙතනම නිදාගෙන හිටියේ?

139
00:10:59,339 --> 00:11:00,255
ඒක ඇත්ත!

140
00:11:00,256 --> 00:11:03,593
චිත්‍රපට ශාලාවෙදි එකපාරටම
පිරිමි දෙන්නෙක් මට පහර දුන්නා...

141
00:11:10,225 --> 00:11:11,433
මට කියන්න එපා!

142
00:11:11,434 --> 00:11:13,811
ඔයා ආයෙත් මාව බේරගත්තාද?

143
00:11:13,812 --> 00:11:15,145
නෑ.

144
00:11:15,146 --> 00:11:16,230
ඒ මම නෙවෙයි.

145
00:11:16,231 --> 00:11:18,066
මට ගොඩක් සතුටුයි!
ස්තුතියි!

146
00:11:18,775 --> 00:11:20,860
මමත් සෑහෙන්න උත්සාහ කළා.

147
00:11:21,444 --> 00:11:22,778
<i>"ආයෙත්"?</i>

148
00:11:22,779 --> 00:11:27,325
<i>හුටා, මේ කෙල්ලට තේරෙනවා ඇති
අතීතයේදීත් එයා එයාව බේරගත්තා කියලා!</i>

149
00:11:27,951 --> 00:11:30,702
<i>මේක හැම අතින්ම
තවත් නරක අතට හැරෙනවා!</i>

150
00:11:30,703 --> 00:11:33,705
ඕ, සමාවෙන්න!
මට කොච්චර සතුටුද කියනවා නම් මට ඉන්න බැරි වුණා!

151
00:11:33,706 --> 00:11:35,040
නෑ.

152
00:11:35,041 --> 00:11:38,460
<i>බොස්, ඔයා පහුගිය විනාඩි කිහිපය පුරාම
වෙව්ලනවා නේද?</i>

153
00:11:38,461 --> 00:11:40,838
ඔ-ඔව් අනිවාර්යයෙන්ම මම වෙව්ලනවා!

154
00:11:40,839 --> 00:11:43,799
<i>මම ඔයාට කිව්වා නොරෙන්
මගේ දුවගේ වයසේ කියලා!</i>

155
00:11:43,800 --> 00:11:46,468
<i>මේකට කැමති නොවී ඉන්න
ඒකම හොඳටම ඇති!</i>

156
00:11:46,469 --> 00:11:48,221
<i>මම කියන්නේ, අවුරුදු පහක ළමයෙක් වුණා නම්...</i>

157
00:11:48,972 --> 00:11:50,764
තාත්තේ, මම ඔයාට ආදරෙයි!

158
00:11:50,765 --> 00:11:52,516
මට ඔයාව බඳින්න ඕනේ!

159
00:11:52,517 --> 00:11:55,145
මට ගොඩක් සතුටුයි! මාත් ඔයාට ආදරෙයි!

160
00:11:55,728 --> 00:11:58,355
<i>...එහෙනම් ඒක අවුලක් නෑ!
ඒක ඇත්තටම හදවතට දැනෙන දෙයක්!</i>

161
00:11:58,356 --> 00:12:01,233
<i>මට විශ්වාසයි එයා එයාගේ ළමයට ගොඩක්
ආදරය කරන හොඳ තාත්තා කෙනෙක් කියලා!

162
00:12:01,234 --> 00:12:07,115
<i>ඒත් ඒගොල්ලෝ තේරෙන වයසට ඇවිත්
ඒ දේම බැරෑරුම් හඬකින් කිව්වාම...</i>

163
00:12:08,158 --> 00:12:10,951
මට ඇත්තටම ඔයාව බඳින්න ඕනේ, තාත්තේ!

164
00:12:10,952 --> 00:12:12,119
ඔයා විහිළු කරනවා නේද?

165
00:12:12,120 --> 00:12:13,287
මම සිරාවටම කියන්නේ!

166
00:12:13,288 --> 00:12:14,496
ඇයි?

167
00:12:14,497 --> 00:12:17,749
<i>ඕනෑම සාමාන්‍ය තාත්තා කෙනෙක්ගේ
ඇඟ කිලිපොලා යනවා එතකොට!</i>

168
00:12:17,750 --> 00:12:21,044
<i>ඒකට කැමති වෙන ඕනෑම කෙනෙක් මැරුණට පස්සේ
අපායේ විශේෂ තැනකට යනවා!</i>

169
00:12:21,045 --> 00:12:22,046
<i>හොඳයි, සමහරවිට!</i>

170
00:12:22,630 --> 00:12:23,881
<i>බො-බොස්...</i>

171
00:12:23,882 --> 00:12:26,216
<i>ඝාතකයෙක් අපාය ගැන කතා කරනවාද?</i>

172
00:12:26,217 --> 00:12:28,051
<i>කොහොම වුණත්, අපි...</i>

173
00:12:28,052 --> 00:12:31,264
මට ඒ වගේ අඳුරු කතාවක් ඕනේ නෑ!
මම ඒක හොඳටම දන්නවා!

174
00:12:32,098 --> 00:12:33,391
ඔගාමි...

175
00:12:34,476 --> 00:12:37,394
සමහරවිට මේක
සස්පෙන්ෂන් බ්‍රිජ් ඉෆෙක්ට් එක වගේ වෙන්න ඇති.

176
00:12:37,395 --> 00:12:38,812
මට තේරෙන්නේ නෑ...

177
00:12:38,813 --> 00:12:41,732
ඒත් මගේ හදවත ගොඩක් වෙලා ඉඳන්
වේගෙන් ගැහෙනවා!

178
00:12:41,733 --> 00:12:43,984
මේක මම දැන්
කියන්න ඕනේ දෙයක් නොවෙන්න පුළුවන්...

179
00:12:43,985 --> 00:12:44,985
ඒත් සමහරවිට...

180
00:12:44,986 --> 00:12:46,570
සමහරවිට විතරක්...

181
00:12:46,571 --> 00:12:47,988
ඔගාමි, මම සමහරවිට...

182
00:12:47,989 --> 00:12:49,990
ආ-ආදරේ කර-

183
00:12:49,991 --> 00:12:51,159
- ආ?
- ආ?

184
00:12:54,037 --> 00:12:55,287
මොකක්?!

185
00:12:55,288 --> 00:12:57,247
ඔයා මොන මගුලක්ද කරන්නේ, ඔගාමි?

186
00:12:57,248 --> 00:13:00,918
මට පේන විදිහට පවා,
ඔයාලා දෙන්නා අතරේ මොකක් හරි තිබුණා!

187
00:13:00,919 --> 00:13:02,628
බෙල්ලට කරාටි පාරක් ගැහුවේ මොකටද?

188
00:13:02,629 --> 00:13:04,087
ඕ, මදුරුවෙක් හිටියා.

189
00:13:04,088 --> 00:13:05,589
ඔයා මදුරුවන්ට ගහනවා!

190
00:13:05,590 --> 00:13:07,758
බෙල්ලට කරාටි පාරක් නෙවෙයි!

191
00:13:07,759 --> 00:13:11,012
වීරවරියව බේරගෙන
එයාට සිහිය නැති කරන එක ඇත්තටම හරිද?

192
00:13:12,847 --> 00:13:15,683
එද්දී මගේ මල්ලීගෙ ජයග්‍රහණය ගැන
මට ලොකු විශ්වාසයක් තිබුණා...

193
00:13:16,309 --> 00:13:19,436
ඒක මේ විදිහට ඉවර වෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ.

194
00:13:19,437 --> 00:13:21,772
කසුමා රින්ඩෝ! මොන මගු...

195
00:13:21,773 --> 00:13:23,774
- පොඩ්ඩක් ඉන්න, ඔගාමි!
- ආ?

196
00:13:23,775 --> 00:13:25,693
එයාගේ මොකක් හරි අමුත්තක් තියෙනවා!

197
00:13:26,319 --> 00:13:28,987
ඇයි එයා චිසාටෝගේ ඇඳුම් ඇඳගෙන ඉන්නේ?

198
00:13:28,988 --> 00:13:31,573
අනේ නෑ, මේවා එයාගේ නෙවෙයි.

199
00:13:31,574 --> 00:13:32,950
මම මේ වගේම ඇඳුමක් ගත්තා.

200
00:13:32,951 --> 00:13:34,201
පොඩ්ඩක්, ඉන්න!

201
00:13:34,202 --> 00:13:36,036
අපි ඒ ගැන පස්සේ කතා කරමු.

202
00:13:36,037 --> 00:13:37,413
සන්සුන් වෙන්න, ටෙන්මා.

203
00:13:40,416 --> 00:13:42,417
හොඳයි, ඇත්ත වශයෙන්ම.

204
00:13:42,418 --> 00:13:45,671
දැන් මේ තත්වෙට පත්වෙලා තියෙන නිසා,
කරන්න තියෙන්නේ එක දෙයයි.

205
00:13:45,672 --> 00:13:47,172
මගේ ජීවිතේ බේරලා දෙන්න කියලා ඉල්ලන එක.

206
00:13:47,173 --> 00:13:48,550
- ආ?
- ආ?

207
00:13:50,927 --> 00:13:54,055
මම ඔයාගෙන් අයදිනවා.
මට ප්‍රශ්නයක් නෑ.

208
00:13:54,722 --> 00:13:57,391
ඉතින්, කරුණාකරලා,
වෙන මුකුත් නැතත් එයිජිගේ ජීවිතයවත් බේරන්න.

209
00:13:57,392 --> 00:13:59,227
ඔයාට එයාව බේරන්න පුළුවන්ද?

210
00:14:00,436 --> 00:14:04,773
{\an8}අපේ ලෝකෙදි,
අසමත් වීම හෝ පරාජය වීම කියන්නේ මරණයයි.

211
00:14:04,774 --> 00:14:08,861
{\an8}මගේ හදවත සූදානම්,
මම ඒ ගැන ආඩම්බර වෙනවා, ඒත් එහෙම වුණත්...

212
00:14:09,571 --> 00:14:12,490
{\an8}මගේ මල්ලිගෙ ජීවිතය වෙනුවෙන්
අන්තිම වෙනකම්ම සටන් කරන්න මට ඕනේ!

213
00:14:13,616 --> 00:14:14,492
කරුණාකරලා!

214
00:14:15,076 --> 00:14:19,663
හොඳයි, අම්... මම මුලින්ම
එහෙම කරන්න අදහස් කළේ නෑ.

215
00:14:19,664 --> 00:14:21,582
ආ?
ඔයා ඔගාමිගෙන්ද අහන්නේ?

216
00:14:21,583 --> 00:14:23,083
මමත් එහෙම කළේ නෑ!

217
00:14:23,084 --> 00:14:26,796
මේ ඔක්කොටම පස්සේ මරණීය පහරක් දෙන්න
කාලය ගන්න මම හිතන්නේ නෑ!

218
00:14:32,802 --> 00:14:34,262
ඒක තමයි ඇත්ත.

219
00:14:34,888 --> 00:14:38,181
{\an8}අපිට කතා කරන්න තියෙනවා, ඒ නිසා මට ඔයාට
දැන්ම ගෙදර යන්න කියලා කියන්න බෑ.

220
00:14:38,182 --> 00:14:41,019
{\an8}ඒත් මේක ඉවර වුණාම, ඔයාට පුළුවන්
එයාව ඔයාට ඕන තැනකට අරන් යන්න.

221
00:14:43,855 --> 00:14:45,397
{\an8}මට තේරෙනවා.

222
00:14:45,398 --> 00:14:46,816
{\an8}සමාවෙන්න.

223
00:14:48,443 --> 00:14:50,194
මම ඔයාට ස්තූතිවන්ත වෙනවා.

224
00:14:52,864 --> 00:14:56,199
දැන්, මම කිව්වේ "මේක ඉවර වුණාම."

225
00:14:56,200 --> 00:14:58,536
මේක ඉවර වෙන්න ගොඩක් කල් යයි.
මේක ලොකු අවුලක්.

226
00:14:59,120 --> 00:15:01,121
මට අඬන්නත් හිතෙනවා.

227
00:15:01,122 --> 00:15:03,373
අපි මෙතනින් කොහෙටද යන්නේ?

228
00:15:03,374 --> 00:15:05,250
පොඩ්ඩක් ඉන්න, විනාඩියක් ඉන්න!

229
00:15:05,251 --> 00:15:08,503
අපි මොනවා හරි කරන්න කලින්,
මට අහන්න දෙයක් තියෙනවා.

230
00:15:08,504 --> 00:15:10,173
ඔයාලා මොන මගුලක්ද?

231
00:15:10,757 --> 00:15:14,218
<i>අපි සටන් කරන අතරතුරේ මම හිතුවා
ඔයාලා සාමාන්‍ය අය නෙවෙයි කියලා.</i>

232
00:15:15,136 --> 00:15:18,597
<i>මම නිකන් හිතුවේ ඔයාලා
නොරෙන්ව පැහැරගත්ත නරක මිනිස්සු කියලා.</i>

233
00:15:18,598 --> 00:15:22,225
<i>ඒත් ඔයාලා මැරයන්ට හෝ යකුසා වලට වඩා
වෙනස් මට්ටමක ඉන්නේ.</i>

234
00:15:22,226 --> 00:15:25,563
{\an8}ඔගාමි, ඔයාටත් වෙන්නේ මොකක්ද කියලා
පොඩ්ඩක් තේරෙනවා වගේ.

235
00:15:26,230 --> 00:15:27,273
{\an8}සමහරවිට...

236
00:15:27,857 --> 00:15:30,276
ඔයාත් මේ අයගේ ලෝකෙන්ම ආපු කෙනෙක්ද?

237
00:15:31,444 --> 00:15:32,486
<i>බොස්!</i>

238
00:15:32,487 --> 00:15:34,071
<i>සමහරවිට කසුමා...</i>

239
00:15:34,072 --> 00:15:34,988
හරි!

240
00:15:34,989 --> 00:15:39,826
හේයි, ඔයාගේ මෝහනයෙන් අද දවස ගැන
තියෙන හැමදේම එයාට අමතක කරන්න පුළුවන්ද?

241
00:15:39,827 --> 00:15:42,621
ආ? මට ඒක කරන්න පුළුවන්, ඒත්...

242
00:15:42,622 --> 00:15:44,457
කරුණාකරලා, ඒක කරන්න!

243
00:15:51,714 --> 00:15:53,340
මම තුනට ගණන් කරනවා.

244
00:15:53,341 --> 00:15:56,052
මම ගණන් කරලා ඉවර වෙලා
ලයිටරේ වැහෙන සද්දේ ඇහෙනකොට,

245
00:15:56,636 --> 00:15:58,553
ඔයාට එකපාරටම නින්ද යනවා.

246
00:15:58,554 --> 00:16:01,182
ඔයා ඇහැරෙනකොට,
ඔයාට අද දවස ගැන ඔක්කොම අමතක වෙනවා.

247
00:16:02,016 --> 00:16:02,976
තුනයි...

248
00:16:03,559 --> 00:16:04,477
දෙකයි...

249
00:16:05,186 --> 00:16:06,187
එකයි.

250
00:16:15,989 --> 00:16:19,116
ඒ මොන මගුලක්ද
ඒ වුණේ? ඕක නවත්තන්න!

251
00:16:19,117 --> 00:16:20,784
ආ? ඒක වැඩ කරන්නේ නැද්ද?

252
00:16:20,785 --> 00:16:21,743
මොකක්?

253
00:16:21,744 --> 00:16:23,413
ත-තව එක පාරක්!

254
00:16:24,080 --> 00:16:24,997
හේයි.

255
00:16:24,998 --> 00:16:26,207
තව එක පාරක්!

256
00:16:26,958 --> 00:16:28,334
මම ඔයාට කිව්වා!

257
00:16:30,878 --> 00:16:31,921
මෙයා...

258
00:16:32,505 --> 00:16:33,588
වෙන්න බෑ!

259
00:16:33,589 --> 00:16:36,008
මගේ මෝහනය වැඩ කරන්නේ නෑ!

260
00:16:36,009 --> 00:16:36,925
ආ?

261
00:16:36,926 --> 00:16:38,343
මෙතන මොකද වෙන්නේ?

262
00:16:38,344 --> 00:16:41,972
ඔයා කිව්වා ඔයාගේ වැඩේ හොඳයි,
ලාබයි, ඒ වගේම ඉක්මන් කියලා!

263
00:16:41,973 --> 00:16:44,141
මම කවදාවත් කිව්වේ නෑ මම බීෆ් බෝල් කඩයක් වගේ කියලා!

264
00:16:44,142 --> 00:16:47,561
මම කිව්වේ "ඕනෑම කෙනෙක්ව, බලවත් විදිහට
සහ ක්ෂණිකව" කියලා!

265
00:16:47,562 --> 00:16:49,688
ඒත් මේක මට පළවෙනි වතාව!

266
00:16:49,689 --> 00:16:51,898
මෙයාට මොකක්ද වෙලා තියෙන්නේ?

267
00:16:51,899 --> 00:16:53,775
මෙයා හරිම අසාමාන්‍යයි!

268
00:16:53,776 --> 00:16:55,110
<i>බො-බොස්...</i>

269
00:16:55,111 --> 00:16:58,197
දැන් නම් හිනා යන්නෙ මට  තමයි.

270
00:16:58,698 --> 00:17:00,491
ඒක හරියටම ටෙන්මාගේ වැඩක් වගේ.

271
00:17:02,326 --> 00:17:05,872
මට කියන්න වෙනවා දැන් නම් ඇත්තටම
සෙල්ලම ඉවරයි කියලා.

272
00:17:08,291 --> 00:17:10,125
ඝාතකයෝ?

273
00:17:10,126 --> 00:17:13,087
ඒ වගේ අය ඇත්තටම ඉන්නවද?

274
00:17:13,671 --> 00:17:17,049
<i>බො-බොස්, එයාට කිව්ව එක ඇත්තටම හරිද?</i>

275
00:17:17,050 --> 00:17:18,842
ඒක හොඳ නෑ.

276
00:17:18,843 --> 00:17:20,844
මට ආයෙත් ඉස්කෝලේ යන්න බෑ.

277
00:17:20,845 --> 00:17:24,432
මෙහෙයුම ඉවරයි,
අනික හෙට ඉඳන් මට රස්සාවකුත් නෑ.

278
00:17:25,266 --> 00:17:27,101
අදින් පස්සේ ඔක්කොම ඉවරයි.

279
00:17:27,685 --> 00:17:30,896
කලින් ඔයාව මෝහනය කරන්න හැදුවට සමාවෙන්න.

280
00:17:30,897 --> 00:17:34,275
ඒ වගේම මම එක්ක එකතු වෙලා
නොරෙන්ව බේරගත්තට ස්තූතියි.

281
00:17:35,902 --> 00:17:38,446
ඔගාමි, ඔයාත් යන්නද හදන්නේ?

282
00:17:41,866 --> 00:17:42,909
ඔව්.

283
00:17:44,035 --> 00:17:45,035
ආ?

284
00:17:45,036 --> 00:17:48,413
ඝාතකයෙක් ඉස්කෝලේ එන එක නරකද?

285
00:17:48,414 --> 00:17:49,623
- ආ?
- ආ?

286
00:17:49,624 --> 00:17:52,667
මම කියන්නේ, මිනිස්සු මරන එක
ඔයා කවදාවත් කරන්න හොඳ නැති දෙයක්.

287
00:17:52,668 --> 00:17:54,544
ඒ කියන්නේ, ඒක දැන්මම නවත්තන්න.

288
00:17:54,545 --> 00:17:57,464
ඒත් ඔයා ඉස්කෝලේ යන්න
ඒක තවත් හොඳ හේතුවක් නේද,

289
00:17:57,465 --> 00:17:59,217
එතකොට ඔයාට වෙනත් වෘත්තීය මාර්ගයක් හොයාගන්න පුළුවන්?

290
00:18:00,093 --> 00:18:03,261
<i>ඔයා ගියේ ඒක රස්සාවක් නිසා
සහ වෙන විකල්පයක් තිබ්බෙ නැති නිසා, නේද?</i>

291
00:18:03,262 --> 00:18:05,515
<i>අඩුම තරමේ,
මට පෙනුණේ ඒ විදිහට.</i>

292
00:18:06,182 --> 00:18:10,269
<i>ඔයා දැන් අයින් වුණාට
ඔයා අතීතයේ කරපු හැමදේම හරි යන්නේ නෑ කියලා මම දන්නවා.</i>

293
00:18:11,312 --> 00:18:12,771
<i>ඒත් අන්තිමේදී...</i>

294
00:18:12,772 --> 00:18:16,150
<i>මට හිතෙන්නේ නෑ ඔයාලා එච්චරම නරක අය කියලා.</i>

295
00:18:16,818 --> 00:18:20,154
මම කියන්නේ, ඔයා ඉස්කෝලෙටයි
ඉගෙනගන්න එකටයි කැමතියි, නේද?

296
00:18:20,696 --> 00:18:23,115
එහෙනම් ඒක අතහරින්න එපා.

297
00:18:23,116 --> 00:18:26,661
ඔයාට වෙනස් වෙන්න පුළුවන්, ඉස්සරහ බලලා
ආයෙත් ඉස්කෝලේ එන්න.

298
00:18:27,328 --> 00:18:29,247
මම ඔයාගේ රහස කාටවත් කියන්නේ නෑ.

299
00:18:30,706 --> 00:18:32,125
<i>ඒගොල්ලන්ට මොකද වෙලා තියෙන්නේ?</i>

300
00:18:32,667 --> 00:18:35,878
<i>මුලින්ම මාස්ටර්, ඊටපස්සේ අක්කා,
දැන් මෙයාත්?</i>

301
00:18:36,462 --> 00:18:40,007
<i>කවුද වැඩිහිටියා කවුද ළමයා කියලා
මට හොයාගන්න බෑ.</i>

302
00:18:41,134 --> 00:18:42,384
<i>නෑ.</i>

303
00:18:42,385 --> 00:18:46,681
<i>කොහොමත්, සමහරවිට ඒ වගේ දේවල්
වැඩක් නැතුව ඇති.</i>

304
00:18:47,932 --> 00:18:52,645
<i>මම ඉස්කෝලේ යන්න පටන් ගත්ත දවසේ ඉඳන්
මට ගොඩක් දේවල් කියලා දීලා තියෙනවා.</i>

305
00:18:54,230 --> 00:18:56,398
අනික ඒක ඔයාලා සහෝදරයන්ටත් අදාළයි!

306
00:18:56,399 --> 00:18:58,692
ඔයාලට මරන්න බෑ! කවදාවත්ම!

307
00:18:58,693 --> 00:19:00,486
ඕ, ඔයා හරි.

308
00:19:02,405 --> 00:19:05,867
ඔයා කියන දේම
මගේ අයියාත් කියයි.

309
00:19:06,492 --> 00:19:07,868
- ආ?
- ඕ!

310
00:19:07,869 --> 00:19:09,119
සයිරන් සද්දයක්?

311
00:19:09,120 --> 00:19:10,245
හේයි, කසුමා!

312
00:19:10,246 --> 00:19:13,999
නෑ, මේක මගේ උපක්‍රමයක් නෙවෙයි.

313
00:19:14,000 --> 00:19:15,793
ඒක ඇත්තම පැමිණිල්ලක්.

314
00:19:16,460 --> 00:19:18,628
- ඔයාලා පස්සෙන් පිටවෙන්න.
- ආ?

315
00:19:18,629 --> 00:19:21,048
මට මෝහනය තියෙනවා.

316
00:19:21,716 --> 00:19:25,135
{\an8}මාව බේරගන්න කතාවක්
හදන එක මට ලේසියි.

317
00:19:25,136 --> 00:19:28,638
{\an8}මම කොහොමත් ඒක
කරන්න තමයි හිටියේ.

318
00:19:28,639 --> 00:19:31,099
ඒත් ඔයා අසාර්ථක වෙන්න පුළුවන්.

319
00:19:31,100 --> 00:19:32,852
ටෙන්මා කියන්නේ ව්‍යතිරේකයක්!

320
00:19:36,397 --> 00:19:38,857
නෑ, අපි තවම ඉවර නෑ!

321
00:19:38,858 --> 00:19:41,443
ඔයා නොරෙන්ට දාපු මෝහනය අයින් කරන්න!

322
00:19:41,444 --> 00:19:43,528
සමාවෙන්න, ඒකට වෙලාවක් නෑ!

323
00:19:43,529 --> 00:19:45,823
- මම ඒක ඊළඟ වතාවේ බලාගන්නම්!
- ආ?

324
00:19:46,490 --> 00:19:48,992
මම දැනටමත් ලියකියවිලි බාරදීලා තියෙන්නේ...

325
00:19:48,993 --> 00:19:51,078
ඉතින් මම ඔයාව ළඟදීම ආයෙත් හම්බවෙයි.

326
00:19:51,662 --> 00:19:55,708
{\an8}ඒ කෙල්ල මගේ මල්ලිව සනීප කරන්න
මට තියෙන හෝඩුවාවක් කියන එකේ කිසිම සැකයක් නෑ.

327
00:19:56,375 --> 00:20:00,378
මම දැනට සටන අතහරිනවා,
ඒත් නුදුරු අනාගතයේදීම

328
00:20:00,379 --> 00:20:02,297
අපි ඔයාගේ ඉස්කෝලෙට මාරු වෙලා එනවා.

329
00:20:02,298 --> 00:20:04,716
ඇත්තටම? මම ඒක බලාපොරොත්තුවෙන් ඉන්නවා!

330
00:20:04,717 --> 00:20:07,303
ඒක නුදුරු අනාගතයට වඩා
ඉක්මනින් වෙන්න ඕනේ!

331
00:20:16,437 --> 00:20:18,355
ඔයාට හොඳයිද?

332
00:20:18,356 --> 00:20:19,357
ඔයාට තුවාලද?

333
00:20:20,191 --> 00:20:21,984
ඔයාත් හොඳින්ද?

334
00:20:22,568 --> 00:20:23,861
ඔයාට තුවා-

335
00:22:38,162 --> 00:22:41,539
<i>අප්පේ, ඒක නම් මාරම අපාගත සති අන්තයක්!</i>

336
00:22:41,540 --> 00:22:43,416
ඔව්මයි.

337
00:22:43,417 --> 00:22:47,170
<i>ඔයාට ආයෙත් ඉස්කෝලේ යන්න පුළුවන් වුණ
එක නම් නියමයි!</i>

338
00:22:47,171 --> 00:22:48,922
කොහොම හරි.

339
00:22:48,923 --> 00:22:54,219
අන්තිමේදී, මගේ වයස පැත්තකින් තිබ්බත්,
ටෙන්මාට මගේ රස්සාව ගැන තේරුණා.

340
00:22:54,220 --> 00:22:58,224
අනික නොරෙන්ව ඉලක්ක කරන ඝාතකයෝ
ආයෙත් එන්න තියෙන ඉඩකඩ වැඩියි.

341
00:22:58,891 --> 00:23:02,394
<i>අපි ඇත්තටම ගොඩක් දේවල් ගැන
ආයෙත් හිතන්න ඕනේ.</i>

342
00:23:03,771 --> 00:23:07,315
අනික, මේ ප්‍රශ්නෙ තවම ඉවර නෑ.

343
00:23:07,316 --> 00:23:12,363
පේන විදිහට රින්ඩෝ සහෝදරයෝත්
මේ ඉස්කෝලෙට මාරු වෙලා එයි වගේ.

344
00:23:13,155 --> 00:23:14,323
ඔගාමි...

345
00:23:15,533 --> 00:23:19,202
<i>ඒත් එතකම්,
නොරෙන් තවමත් ඉන්නේ මෝහනයෙන්.</i>

346
00:23:19,203 --> 00:23:22,372
<i>ඒ මදිවට, ඒ මැජික් එකෙන් එයා
100% ක්ම බරපතල ආදර මෝඩ් එකට වැටිලා ඉන්නේ,</i>

347
00:23:22,373 --> 00:23:24,041
<i>ඒ නිසා එයා පුදුම විදිහට මුරණ්ඩුයි!</i>

348
00:23:25,334 --> 00:23:29,462
අද ඉඳන්, මට ඉස්කෝලේදී එක මොහොතකටවත්
මගේ ආරක්ෂාව අඩු කරන්න බෑ.

349
00:23:29,463 --> 00:23:31,089
<i>ඔයාට ගෙදර ඉන්න බැරිද?</i>

350
00:23:31,090 --> 00:23:33,050
බෑ. මට ඉගෙන ගන්න ඕනේ.

351
00:23:34,135 --> 00:23:37,470
මොනවා වුණත්,
මට පුළුවන් හැමදේම මම කරන්න ඕනේ

352
00:23:37,471 --> 00:23:40,099
වැරදිලාවත් නොරෙන් එක්ක තියෙන සම්බන්ධය
ඉස්සරහට ගෙනියන එක නවත්තන්න!

