
මේ චිත්‍රපටය පදනම් වෙලා තියෙන්නේ ‘The Witcher’ නවකතා මාලාවේ කතුවරයා වන Andrzej Sapkowski ගේ “A Little Sacrifice” කියන කෙටි කතාව ඇසුරෙන්. මෙහිදී අපේ ප්‍රධාන වීරයා වන Geralt of Rivia ට මුහුදුබඩ ගම්මානයක සිදුවන අභිරහස් මරණ කිහිපයක් ගැන පරීක්ෂණ පවත්වන්න සිද්ධ වෙනවා.
මෙහිදී මිනිසුන් සහ “Merpeople” (දියකිඳුරු විශේෂයක්) අතර ඇතිවන ලොකු ගැටුමකට Geralt මැදි වෙනවා. ඒක නිකම්ම සටනක් නෙවෙයි, ලෝක දෙකක් අතර ඇතිවන ලොකු දේශපාලනික සහ ආදරණීය පැත්තකුත් තියෙන කතාවක්.