
සූටෝපියා ඉතිහාසයේ විශාලතම අභිරහස විසඳීමෙන් පස්සේ, නවක පොලිස් නිලධාරීන් වන ජූඩි හොප්ස් සහ නික් වයිල්ඩ්ට තවත් ලොකු අභිරහසක් හඹා යන්න සිද්ධ වෙනවා. ඒ ‘ගැරී ඩී ස්නේක්’ ගේ පැමිණීමත් එක්ක මුළු සත්ව ලෝකයම උඩුයටිකුරු වීම නිසයි. මේ අභිරහස විසඳන්න නම් ජූඩිට සහ නික්ට තමන්ගේ අනන්‍යතාවය සඟවාගෙන නගරයේ මීට කලින් නොගිය අලුත් පැතිවලට යන්න වෙනවා. ඒ ගමනේදී ඔවුන්ගේ මිත්‍රත්වය මීට කලින් කවදාවත් නොවූ විදිහට දැඩි පරීක්ෂාවකට ලක් වේවි.