KILL BLUE: Season 1

Apr. 11, 2026
Your rating: 0
10 1 vote

කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ ඔගාමි ජූෂිරෝ. ඔහු ලෝකයේ ඉන්න අතිශය දක්ෂ, වෘත්තීය මට්ටමේ මැදි වයසේ කුලී ඝාතකයෙක්.

නමුත් එක අද්භූත සිදුවීමක් නිසා මොහුගේ සිරුර නැවතත් පාසල් යන වයසේ පසුවන නව යොවුන් වියේ පිරිමි ළමයෙකුගේ තත්ත්වයට පත් වෙනවා. තමන්ගේ සාමාන්‍ය සිරුර නැවත ලබා ගන්න උත්සහ කරන අතරෙ, ඔහුට නැවතත් සාමාන්‍ය මධ්‍යම පාසලකට ඇතුළත් වී ශිෂ්‍යයෙකු ලෙස ජීවත් වීමට සිදු වෙනවා.

වසර ගණනාවක් තිස්සේ සටන් කිරීම විතරක් ප්‍රගුණ කරපු, සාමාන්‍ය සමාජ ජීවිතයක් ගැන කිසිම වැටහීමක් නැති මේ කෙනාට, පොඩි ළමයි එක්ක එකට ඉඳගෙන ගණිතය, විද්‍යාව වගේ විෂයන් ඉගෙන ගන්න අතරෙ පාසල් සමාජයට හැඩගැහෙන්න සිද්දවෙනවා.

පාසලේදී ඇතිවන සාමාන්‍ය ප්‍රශ්න තමන්ගේ “උපක්‍රම” පාවිච්චි කරලා විසඳන්න යාම නිසා හාස්‍යජනක තත්ත්වයන් මතු වෙනවා. ඒ වගේම ඔහු කුඩා දරුවෙක් වුණත්, සිරුර ඇතුළෙ ඉන්නේ අත්දැකීම් බහුල සටන්කරුවෙක් නිසා පාසලට පැමිණෙන සතුරන් සමඟ කරන සටන් ජවනිකා පවා ඉතාමත් විශිෂ්ටයි.

ඉතිං ඔයාලා හැමෝටමත් මේ කතාව රසවිඳින්න කියල ආරාධනා කරනවා.

Author

උපසිරැසිකරණය

Sachii Iloni
Anime Club Sub Team

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published