අපි කලින් Made in Abyss පළවෙනි සීසන් එකයි, Dawn of the Deep Soul මූවි එකයි ගැන කතා කරද්දී හිතුණා නේද එතනින් එහාට තවත් දරුණු වෙන්න බෑ කියලා? අන්න එතන තමයි අපිට වැරදුණේ! ඔන්න අද මම අරන් ආවේ හදවත කුඩු පට්ටම් කරලා දාන, ඒ වගේම ඇඬෙන්නම හදපු “Made in Abyss Season 2: The Golden City of the Scorching Sun” එක ගැන සිරාම විස්තරයක්! 😚
පළවෙනි කොටස් ටික බලලා හිත හදාගත්ත අපේ සෙට් එක කෙලින්ම බහින්නේ අගාධයේ 6 වෙනි ස්ථරය (6th Layer). මෙතනට කියන්නේ “The Capital of the Unreturned” කියලා. ඒ කියන්නේ මෙතනින් එහාට ආපහු උඩට යාමක් කවුරුත් හීනෙකින්වත් හිතන්නේ නැති හරියක්!
6 වෙනි ස්ථරයට බැස්සම අපේ රිකෝ, රෙග්, සහ නනාචිට හම්බවෙන්නේ අමුතුම විදිහේ නගරයක්. ඒකේ ඉන්නේ මිනිස්කම නැති වුණු, හැබැයි තමන්ගේම කියලා නීති මාලාවක් අස්සේ ජීවත් වෙන “Narehate” (Hollows) සෙට් එකක්. මේ ගමට කියන්නේ ඉල්බ්ලූ කියලා.
මේ සීසන් එකේ තියෙන පට්ටම දේ තමයි කතාව සමාන්තරව (Parallel) පැති දෙකකින් ගලාගෙන යන එක.
එක පැත්තකින් අපේ රිකෝලා මේ ගමේ අතරමං වෙලා කරන සටන.
අනිත් පැත්තෙන් මීට අවුරුදු සිය ගණනකට කලින් මේ අගාධය හොයාගෙන ආපු “ගන්ජා” කියන මිනිස් කණ්ඩායමට (වෙයකෝ, වසුකැන්, බෙලාෆ්) මොකද වුණේ කියන අතීත කතාව.
කෙවින් පෙන්කින්ගේ මියුසික් එකක් වෙන “VOH”, “The Golden City” වගේ ට්‍රැක්ස් පසුබිමෙන් ඇහෙද්දී දැනෙන ඒ එක්කම ලස්සන හැඟීම වචන වලින් විස්තර කරන්න බෑ.
මේ සීසන් එකේ තියෙන සමහර බොඩි හොරර් (body horror) සහ ඉමෝෂනල් සීන්ස් දිරවගන්න සෑහෙන්න අමාරුයි. හැබැයි මේක තමයි කතාවක උපරිම කලාත්මක බව සහ දරුණු බව එකට මුසු කරපු සුපිරිම වැඩක්!
…තව දෙයක් මේ සීසන් එක Made in Abyss Season 01 සහ Dawn of the Deep Soul Movie එකයි බලලා බලන්න…





Supiri🔥