ෂුචින් ඇකඩමියේ ශිෂ්‍ය සභාවේ ඉන්න මේ කට්ටියගේ වැඩකිඩ නං ඉවරයක් වෙන්නෙම නැහැ. සභාපති මියුකි ශිරොගනෙයි, උප සභාපති කගුයා ෂිනොමියායි හැමදාම වගේ ලොකු සටනක ඉන්නේ. ඒ දෙන්නගෙන් කවුද ඉස්සෙල්ලාම අනිත් කෙනාට “මම ඔයාට ආදරෙයි” කියලා කියන්න සලස්වන්නේ කියන එකට තමයි මේ තරඟය. කගුයා හරිම සල්ලි තියෙන, දැඩි නීති රීති තියෙන පවුලක කෙනෙක් වුණත්, ශිරොගනේ ඇතුළු යාළුවෝ නිසා එයාගේ තියෙන අහංකාර ගතිය මග ඇරිලා හිත ටිකක් උණු වෙන්න පටන් අරන්.
ඒ අස්සේ ශිෂ්‍ය සභාවේ මුදල් පාලක යූ ඉෂිගාමි, එයාට වඩා වැඩිමල් ජනප්‍රිය අක්කා කෙනෙක් වෙන සුබාමෙ කොයාසු ගැන හිතින් ආදරය කරමින් ලත වෙනවා. කොහොම වුණත්, ඒ අක්කා ඉෂිගාමිගෙ හිතට ලොකු විශ්වාසයක් ඇති කරන්න උදවු කරනවා. ශිෂ්‍ය සභාවට අලුතෙන්ම එකතු වුණ මිකෝ ඊනෝ, හැමවෙලේම නීති කඩන ඉෂිගාමි එක්ක ටික ටික කිට්ටු වෙනවා. ඒ වගේම එයාගෙ තියෙන දැඩි නීතිගරුක ගතියත් ටිකක් ලිහිල් කරගන්න එයා උත්සාහ කරනවා.
ඉතින් මේ විදිහට ෂුචින් ඇකඩමියේ ආදර කතා දලුලද්දී, ශිෂ්‍ය සභාවේ මේ කට්ටිය එයාලගෙ අනිත් යාළුවොන්වත් එයාලගේ මේ විහිළු තහළු පිරුණු රණ්ඩු වලට පටලවා ගන්නවා.














Supiriyakk, anith epi tikth onee
Ko ithuru ep tika😭😭😭
Ithurmu tika denne nadd🥹🥹