මේක ගෙනාවෙ ඇඩ්වෙන්චර් සහ කොමඩි ඇනිමෙ වලට කැමති අය වෙනුවෙන්මයි. හැබැයි මේක අනිත් “Isekai” (වෙනත් ලෝකයකට යන) කතා වගේ නෙවෙයි, මේකේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් සහ හිනාවෙන් පිරුණු කතාවක්.
සාමාන්‍යයෙන් වෙනත් ලෝකයකට යන වීරයෙක්ට මාර බලයක් ලැබුණත්, අපේ වීරයා වන කසුමාට වෙන්නේ හරිම අකරතැබ්බයක්. එයා අවාසනාවන්ත විදිහට මියගියාට පස්සේ, ඇක්වා කියන දේවතාවියව මුණගැහෙනවා. ඇක්වා කසුමාට අවස්ථාවක් දෙනවා ඩීමන් කින්ග්ව පරාජය කරන්න වෙනත් ලෝකයකට යන්න.
ඒ ගමන යද්දී තමන්ට කැමති එක දෙයක් අරන් යන්න අවස්ථාව ලැබුණම, කසුමා තෝරාගන්නේ මේ දේවතාවියවමයි! හැබැයි අවාසනාවකට ඇක්වා කියන්නේ කිසිම වැඩක් කරගන්න බැරි, නිතරම ප්‍රශ්න ඇතිකරන “වැඩකට නැති” දේවතාවියක්.
සීරියස් ඇනිමෙ බලලා එපා වෙලා ඉන්න වෙලාවක බඩ පැලෙන්න හිනාවෙන්න ඕනේ නම්, කසුමා සහ එයාගේ මේ පිස්සු කණ්ඩායමේ වික්‍රමය අනිවාර්යයෙන්ම බලන්න!










Subtitle eka witharak download karanne kohomada