Mushoku Tensei: Jobless Reincarnation: Season 1

Jan. 11, 2021
Your rating: 0
10 3 votes

ඇනිමේ ලෝකයේ isekai කියන genre වල ගොඩක් ජනප්‍රියම සහ ඉහළම තත්ත්වයක් තියෙන ඇනිමෙයක් තමයි Mushoku Tensei. මේ ඇනිමෙ කතා මාලාව අයත් වෙන Genre තුන වෙන්නෙ Fantasy, Adventure, Drama කියන ඒවා.

IMDB හි 8.4/10 ක් සහ MyAnimeList හි 8.37 ක් වගේ ඉහළම අගයන් ලබාගෙන තියෙන මේ ඇනිමේ එක, Rudeus Greyrat කියන චරිතය වටා ගමන් කරන ගොඩක් ගැඹුරු සහ සංවේදී කතාවක්.

මෙක පදනම් වෙලා තියෙන්නෙ Rifujin na Magonote කියන ලේඛකයාගේ Light Novel එකට.
Studio Bind කියන ඇනිමේෂන් ස්ටුඩියෝ එක තමයි මේ සම්පූර්ණ Mushoku Tensei සීරීස් එකට පස්සෙන් තියෙන්නෙ. මේ ස්ටුඩියෝ එක එයාලාගේ animation quality එක, scene details, සහ emotional storytelling එක නිසාම ලොව පුරා anime fans ලගෙ ඉතාමත් ප්‍රශංසාවක් අරන් තියෙනවා✨.

කතාව පැත්තට ගියොත් —
ජීවිතය අසාර්ථකව ගෙවලා අවසන් කරපු 34 හැවිරිදි පුද්ගලයෙක්, හිතන්නෙ නැති විදිහට මැරෙනවා. ඒත් එයා ආයි උපදින්නෙ අමුතු මැජික් ලෝකයක, Rudeus Greyrat කියලා නමක් අරගෙන. මේ ලෝකයෙදි එයා තීරණය කරනවා, මේ වතාවේ තමන්ගේ ජීවිතය වෙනස් කරගෙන හොඳම විදිහට ගත කරන්න.

ඒත් ඒ කියන එක තරම් පහසු නෑ — මැජික්, ලෝකයෙ පවතින අභියෝග, ආදරය, හානිය, සහ පසුතැවිල්ල වගේ දේවල් අතරේ එයාගේ ගමන තමයි මේ කතාමාලාවෙන් කියවෙන්නෙ.

ඉතින් වැඩිය කියන්න යන්නෙ නෑ — ඔයාලම බලලම දැනගන්න Rudeus ගේ අලුත් ගමන කොහෙට යනවද කියලා🤗.

Subtitles by : Anjana Pradeep

(7) comments

  • umeshNovember 24, 2025Reply

    Elama

  • DhanukaNovember 26, 2025Reply

    13 episodes left

  • GeMaZzNovember 27, 2025Reply

    Season 2 th ona 😓

  • DinuraDecember 7, 2025Reply

    Season 2 dennoooooo🤥

  • JaniduDecember 12, 2025Reply

    meke season 2 danoko

  • Janidu shehanDecember 12, 2025Reply

    meke season 2 danoko

  • OshadaDecember 19, 2025Reply

    S1.E24 ∙ Eris the Goblin Slayer me episode ekath ona

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published