ඇනිමේ පිස්සෝ හැමෝටම ආයෙත් සුභ දවසක්! 🫡
අද මම ගෙනාවේ මේ අප්‍රේල් 5 වෙනිදා (2026) Amazon Prime එකෙන් රිලීස් කරපු අලුත්ම අලුත්, පට්ටම කතාවක් තියෙන ඇනිමේ එකක්. ඒක තමයි “Nippon Sangoku: The Three Nations of the Crimson Sun” 😚.
මේක නිකන්ම නිකන් කඩු පාවිච්චි කරලා ගහගන්න සමුරායි කතාවක් නෙමෙයි. මොළෙන් ගේම් ගහන, දේශපාලනික කුමන්ත්‍රණ පිරුණු පට්ටම මාස්ටර්පීස් එකක්!
🗺️ ජපානය කෑලි තුනකට කැඩුණාම…
මේ කතාව යන්නේ අනාගතේ. න්‍යෂ්ටික යුද්ධ, ස්වභාවික විපත් සහ දූෂිත පාලනය නිසා ජපානය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා, ආපහු අර පරණ “Meiji Era” (මෙයිජි යුගය) එකේ ලෙවල් එකටම සමාජය පල්ලෙහාට වැටිලා තියෙන්නේ. මුළු රටම ප්‍රධාන ජාතීන් තුනකට බෙදිලා, බලය වෙනුවෙන් මරාගන්නවා (නිකන් Three Kingdoms යුගය වගේ).
මේ අස්සේ ඉන්නවා අපේ ප්‍රධාන චරිතේ — Aoteru Misumi. පොර නිකන් සාමාන්‍ය රජයේ නිලධාරියෙක් විතරයි. හැබැයි එයාට ඕනේ මේ කැඩිලා තියෙන ජපානය ආයෙත් එකතු කරන්න. කොහොමද දන්නවද? ආයුධ වලින් නෙමෙයි, එයාගේ තියෙන අසීමිත දැනුමෙන් සහ කතා කිරීමේ හැකියාවෙන් (eloquence). මේක තමයි පස්සේ කාලෙක “ජීනියස් ස්ට්‍රැටජිස්ට්” කෙනෙක් වෙන්න යන මිනිහගේ අමරණීය ආරම්භය!
ඔයා Death Note, Code Geass වගේ මොළෙන් ගේම් ගහන, ප්ලෑන් කරන කතාවලට ආස නම්, මේක ඒකට කියාපු භාණ්ඩේ. කඩුවට වඩා මොළේ කොච්චර බලවත්ද කියලා මේකෙන් පෙන්වනවා.
මේක කරන්නේ Studio Kafka ස්ටූඩියෝ එකෙන්. ඒ වගේම මේකේ මියුසික් කරන්නේ කවුද දන්නවද? අර අපි කලින් කතා කරපු Made in Abyss එකේ අමුතුම මියුසික් කරපු Kevin Penkin! ඉතින් අර ඇඟ හිරිවැටෙන වයිබ් එක මේකෙත් අනිවාර්යයෙන්ම තියෙනවා.
මේක හැමතිස්සෙම ලේ විසිවෙන ඇක්ෂන් තියෙන කතාවකට වඩා, කතාබහෙන්, ප්ලෑන් වලින් ඉස්සරහට යන ගැඹුරු (Political/Strategy) කතාවක්. ඒ නිසා ටිකක් අවධානයෙන් බලන්න වෙනවා.
දැනටමත් එපිසෝඩ්ස් එන්න පටන් අරන් තියෙන නිසා, අලුත්ම අලුත් අත්දැකීමක් ගන්න අදම Nippon Sangoku බලන්න පටන් ගන්න. 🧠🔥

