SANDA: Season 1

Oct. 04, 2025
Your rating: 0
8 1 vote

ඇනිමේ රසික ඔයාල හැමෝටම සුභම සුභ දවසක්🫡…

SANDA කියන 2025 අවුරුද්දේ අලුතින්ම ආපු ඇනිමේ ඒකටත් ඔන්න සබ් අරන් ආවා😚.
මේ ඇනිමේ එක Action, Fantasy, Adventure යන Genre වලට අයත් වෙනවා වගේම, Paru Itagaki ගේ Manga එක ඇසුරෙන් නිර්මාණය වුනු මේ කතා මාලාව IMDB දර්ශකයේ 7.4/10 ක අගයක් වගේම MyAnimelist හි 7.45 ක වගේ ඉහළ අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා🙂. මේ ඇනිමේ එකේ පළවෙනි කොටස 2025 ඔක්තෝබර් 3 වන දින ජපානයේදී ප්‍රකාශයට පත්වුණා, වගේම ඔක්තෝබර් 4 වන දින Amazon Prime Video මඟින් ලෝක පුරා ප්‍රකාශයට පත්වුණා.

මේ ඇනිමේ එක නිෂ්පාදනය කරලා තියෙන්නේ Science Saru නම් ප්‍රසිද්ධ ජපන් ඇනිමේෂන් ස්ටුඩියෝ එකක්. මේ ස්ටුඩියෝ එක, අතීතයේදී “Keep Your Hands Off Eizouken!” සහ “Devilman Crybaby” සහ “Dan Da Dan” වැනි ජනප්‍රිය ඇනිමේ නිෂ්පාදනයන් වෙනුවෙන් ප්‍රසිද්ධයි.

කතාව පැත්තට ගියොත්. 2080 අවුරුද්දේ. මේ ලෝකේ පාලනය කරන්න අලුත් නීති තියෙනවා, ඒකෙන් ලමයින් අතිශය අඩු වෙලා😱. මේ පරිසරය ඇතුලේ ජීවත් වෙන පාසල් ශිෂ්‍යයෙක් වන Kazushige Sanda. එයාව සාමාන්‍ය ළමයෙක් වගේ පෙනුණත් මෙයාට අමුතු බලයකින් සැන්ටා ක්ලෝස් විදිහට පරිවර්තනය වෙන්න පුළුවන්😮. මේ වෙනසෙන් පස්සේ ඔහුගේ ජීවිතය හැම දේම වෙනස් වෙනවා. එයාගේ පන්තියේ යාළුවෙක් වෙන Shiori Fuyumura, මේක දැනගෙන එයාට බය වෙනවා, ඒත් ඒ එක්කම ඇයට උදව් කරන්නත් උත්සාහ කරනවා. ඉතින් එහෙනම් වැඩිය කියන්න යන්නෙ නෑ ඔයාලා කතාව බලලම ඉතුරු ටික දැනගන්න🤗…..

උපසිරැසිකරණය :- අංජන ප්‍රදීප්

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

බාගත කල වීඩියෝවක් play නොවේ නම් mx/vlc වැනි ප්ලේයර් එකක් පාවිච්චි කරන්න. ලැග් වීමක් සිදුවේ නම් Desktop mode දාගන්න.

X