Wistoria: Wand and Sword (Wistoria no Tsue to Tsurugi) කියන්නේ මෑතකදී ඇනිමෙ ලෝලීන් අතර ලොකු කතාබහක් ඇති කරපු අපූරු නිර්මාණයක්.
ඇක්ෂන්, ෆැන්ටසි වලට කැමති අය නම් මේක මඟහැරගන්න එපා.
මේ කතාවේ තිර රචනය සහ මුල් කෘතිය පිටුපස ඉන්නේ ප්‍රසිද්ධ Fujino Ōmori මහතායි. මෙහි අධ්‍යක්ෂණය සිදු කරන්නේ Tatsuya Yoshihara. ඔහු Black Clover වැනි සුපිරි ඇනිමෙ මාලාවන්හි වැඩ කරපු අත්දැකීම් බහුල කෙනෙක්.ඉතිං සරලවම මේ කතාව Black Clover ඇනිමෙ කතා මාලාව ළඟින්ම යන හැබැයි වෙනස් නිර්මාණයක්.Actas සහ Bandai Namco Pictures එකතුවෙලා තමයි මේක නිර්මාණය කරන්නේ.සංගීතය නිර්මාණය කරන්නේ Yuki Hayashi. ඔහු My Hero Academia සහ Haikyuu!! වැනි ජනප්‍රිය නිර්මාණවලට සංගීතය සපයපු කෙනෙක්. සටන් ජවනිකාවලදී ඇහෙන ගැම්ම දෙන සංගීතය ඔහුගේ සුවිශේෂී දක්ෂතාවයක්.
කතාව ගෙතෙන්නේ Will Serfort කියන තරුණයා වටායි. ඔහු ඉගෙන ගන්නේ මැජික් ඇකඩමියක වුණත්, ඔහුට කිසිම මැජික් බලයක් නැහැ. හැබැයි ඔහු ගාව තියෙනවා අසමසම කඩුව හැසිරවීමේ හැකියාව සහ ශාරීරික ශක්තිය. ඔහුගේ එකම බලාපොරොත්තුව තමයි, තමන්ගෙ පුංචිකාලෙ පෙම්වතිය වුනු ගැහැණු ළමයාව මුනගැසීමට හැකිවන තරම් ශක්තිමත් වීම. ඉතිං මුලු ලෝකයක් මායාව හසුරවද්දී තමන්ට විතරක් බැරි ඇයි? ඇයි එහෙම සිද්ද වුනේ? මේක පිටිපස්සෙ තියන රහස මොකද්ද? මේ දේවල් දැනගන්න නම් කතාව බලන්නම වෙනවා.













Nice work
Keep it up 💯
Superb🥺❤️
Ane sesone 2apu gaman oni😭
April 12 envlu ned meke season 2 ek..❤️….