














ඩොංහුවා (Donghua) බලන සෙට් එකට ඔන්න සුපිරිම භාණ්ඩයක් ගෙනාවා! අද කතා කරන්නේ පට්ටම 3D කොලිටියක් තියෙන “Eclipse of Illusion” (云深不知梦 – Yun Shen Bu Zhi Meng) ගැන. 🔥
අපි සාමාන්‍යයෙන් චීන ඇනිමේෂන් වල දකින්නේ කොල්ලෙක් පවර් අප් වෙන කතානේ. හැබැයි මේකෙ ඉන්නේ කෙල්ලෙක්. ඒකත් නිකන් අඬ අඬ ඉන්න කෙල්ලෙක් නෙමෙයි, පට්ටම දරුණු, ඇඟ හිරිවැටෙන විදිහට පළිගන්න බැඩ්-ඈස් කෙල්ලෙක්!
කතාවේ ප්‍රධාන චරිතේ තමයි යුන් වංෂු. එයාගේ ජීවිතේ ලස්සනම දවස, ඒ කියන්නේ එයාගේ වෙඩින් එක දවසේ, ලොකු කුමන්ත්‍රණයක් නිසා එයාගේ මුළු පවුලම අමු අමුවේ මරලා දානවා. කොහොමහරි පණ බේරගන්න එයා “ලුඕ යිගේ” (නිහඬ අධිකරණය) කියන අද්භූත සංවිධානයක් එක්ක ගිවිසුමක් ගහනවා.
Battle Through the Heavens වගේ පට්ටම 3D ලෙවල් එකක් මේකෙත් බලාගන්න පුළුවන්. Youku එකෙන් කරපු සුපිරිම වැඩක්. ෆයිට්ස් වල තියෙන ස්මූත් ගතිය සහ ලයිටිං නියමෙටම තියෙනවා.මේකේ ලව් ස්ටෝරි වලට වඩා තියෙන්නේ මොළෙන් ගේම් ගහලා, සතුරන්ව මානසිකවත් වට්ටලා මරන සීන්.
ඔයාට නිකන් ආදර කතා, අඬන කෙල්ලෝ ඉන්න ඒවට වඩා, ලස්සන වගේම භයානක කෲර පළිගැනීමක් තියෙන කතාවක් බලන්න ඕනේ නම්, Eclipse of Illusion කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න ඕනේ එකක්! තමන්ට කරදර කරපු උන්ගේ ලේ වලින්ම පළිගන්න කෙල්ලෙක්ගේ ගැම්ම මේකෙන් බලාගන්න පුළුවන්.
මේකේ ෆයිට්ස් ටිකක් දරුණුයි, ඒ වගේම කෙල්ල සතුරන්ව මරන විදිහ දැක්කම සමහරවිට “මෙයා සයිකෝ කෙනෙක්ද” කියලත් හිතෙයි. ඒත් ඒක තමයි මේ කතාවේ ලස්සන! 🤗
ඉතින් ඩොංහුවා පිස්සෝ සෙට් එක, අදම මේක බලන්න පටන් ගන්න. ඒ වගේම බලලා හිතෙන දේත් කියාගෙන යන්න!
Bro Tomb Of Fallen Gods ” Mekath Dannako
Me season 1 complete da bro
ඉක්මනට ඉතිරි ටික දෙන්න
Ithuru tika dannakoo