
“Avatar: The Last Airbender” එහෙමත් නැත්නම් “The Legend of Aang” කියන නම ඔයාලා අහලා නැති වෙන්න බැහැ. මේක නිකම්ම නිකම් කාටූන් එකක් නෙවෙයි, පරම්පරා ගණනාවක රසික හදවත් දිනාගත්ත සර්වකාලීන විශිෂ්ට නිර්මාණයක්!
මේ චිත්‍රපටයේදී අපිට දැකගන්න ලැබෙන්නේ අපි ආදරය කරපු ඈන්ග්, කටාරා, සොක්කා සහ සුකෝ කියන පිරිසගේ තරුණ කාලයයි. ඒ කියන්නේ කාටූන් එක ඉවර වුණු තැනින් පස්සෙ ඔවුන්ට මොකද වුණේ කියලා අපිට මෙයින් බලාගන්න පුළුවන්.
මෙවර ආන්ග්ගේ චරිතයට හඬකැවීම් කරන්නේ ජනප්‍රිය ගායක Eric Nam. මීට අමතරව Dave Bautista මෙහි ප්‍රධාන දුෂ්ටයාගේ චරිතයට හඬකැවීමෙන් දායක වෙනවා.
මෙය 2D ඇනිමේෂන් රටාව සහ නවීන 3D CG තාක්ෂණය මුසු වුණු අපූරු දෘශ්‍ය අත්දැකීමක් වනු ඇති බවට නිෂ්පාදකයන් පවසනවා.
යුද්ධයෙන් පස්සේ ලෝකය නැවත ගොඩනගන හැටි සහ වායු පාලකයන්ගේ සංස්කෘතිය නැවත ඇති කිරීමට ඈන්ග් දරන උත්සාහය මෙහි ප්‍රධාන තේමාවක් වෙනවා.
Thankuuuuuuuuu 💋
❤️
ane spirited away dennako next ekata pleaseeee