Daemons of the Shadow Realm

Daemons of the Shadow Realm

Your rating: 0
9.5 2 votes

Seasons and episodes

1Season 1 Apr. 04, 2026
5

Creator

Creator

Cast

Kensho Ono isYuru (voice)
Yuru (voice)
Yume Miyamoto isAsa (voice)
Asa (voice)
Yuichi Nakamura isDera (voice)
Dera (voice)
Misaki Kuno isGabu-chan (voice)
Gabu-chan (voice)
Takako Honda isLeft (voice)
Left (voice)
Rikiya Koyama isRight (voice)
Right (voice)
Miyuri Shimabukuro isHana (voice)
Hana (voice)
Junichi Suwabe isJin (voice)
Jin (voice)

Video trailer

Synopsis

ඇනිමේ පිස්සෝ හැමෝටම ආයෙත් සුභම සුභ දවසක්! 🫡

ඔයාලා Fullmetal Alchemist (FMA) බලලා තියෙනවද? ඇනිමේ ලෝකේ මෙදානෙදා බිහිවුණු සුපිරිම කතාවක් විදිහට තමයි ඒක සැලකෙන්නේ. ඉතින් අද මම අරන් ආවේ අන්න ඒ කතාව ලියපු මාස්ටර්මයින්ඩ් එක, ඒ කියන්නේ Hiromu Arakawa ගේ අලුත්ම ඇනිමේ එක. ඒ තමයි “Daemons of the Shadow Realm” (ජපන් නම: Yomi no Tsugai). 😚

මේක නිකන්ම නිකන් අලුත් ඇනිමේ එකක් නෙමෙයි. මේක Chainsaw Man, JJK වගේ සුපිරි ඇක්ෂන්, ඒ වගේම ඔළුව අවුල් කරන අභිරහස් කැමති අයට මරුම අත්දැකීමක්!

කතාව පටන් ගන්න කන්දක් උඩ තියෙන, පිට ලෝකෙන් සම්පූර්ණයෙන්ම වෙන් වුණු හරිම සාම්ප්‍රදායික ගමකින්. මේ ගමේ ඉන්නවා යුරු සහ ආසා කියලා නිවුන් සහෝදරයෝ දෙන්නෙක්. යුරු කැලේ සත්තු දඩයම් කරගෙන පාඩුවේ ඉන්නවා. හැබැයි එයාගේ නංගි වෙන ආසාව ගමේ අය විශේෂ තැනක හිර කරලා වගේ තමයි තියන් ඉන්නේ.

දවසක් මේ සාමකාමී ගමට එකපාරටම අහසින් හෙලිකොප්ටර් ඇවිත්, නවීන ආයුධ ගත්තු කට්ටියක් ගහන්න පටන් ගන්නවා. මේ දරුණු ප්‍රහාරය මෙහෙයවන නායිකාව කවුද දන්නවද? ඒ වෙන කවුරුත් නෙමෙයි, අර යුරුගේ නිවුන් සහෝදරිය කියන ආසා! එතකොට ගමේ හිටපු ආසා කවුද? අන්න එතනින් තමයි කතාවේ පිස්සුව පටන් ගන්නේ. 🤯

මේ ප්‍රහාරය අස්සේ යුරුට හම්බවෙනවා ගම ආරක්ෂා කරන ‘සුගයි’ (Daemons / යක්ෂයින්) දෙන්නෙක්. එයාලට කියන්නේ වම සහ දකුණ කියලා (වම් සහ දකුණු අත වගේ). මේ දෙන්නා පට්ටම පවර්ෆුල්. එතනින් එහාට යුරු මේ අභිරහස හොයාගෙන නවීන ලෝකෙට යන ගමන තමයි කතාවේ තියෙන්නේ.

FMA වයිබ් එක (The Arakawa Magic): මේකේ ආර්ට් ස්ටයිල් එක වගේම, කතාවේ තියෙන ගැඹුර, දේශපාලනික කුමන්ත්‍රණ සහ ලෝක ගොඩනැගීම (World-building) අර පරණ FMA මතක් කරවනවා.

මේකේ ෆයිට්ස් මාරම වෙනස්. JJK වල Shikigami ලා වගේ තමයි මේ Tsugai ලා ඉන්නේ. හැබැයි මෙයාලා හැමතිස්සෙම ඉන්නේ ජෝඩු විදිහට (උදාහරණයක් විදිහට දකුණ සහ වම, උඩ සහ යට වගේ). මේක නිසා සටන් වලදී අමුතුම ටැක්ටික්ස් පාවිච්චි කරන්න වෙනවා.
පළවෙනි එපිසෝඩ් එකේ ඉඳන්ම “අඩෝ ඒ මොකක්ද ඒ වුණේ” කියලා හිතෙන ප්ලොට් ට්විස්ට් තොගයක් මේකේ තියෙනවා. කවුද හරි, කවුද වැරදි කියලා හොයාගන්න බැරි වෙනවා.

මේක මුලදී ටිකක් සාමාන්‍ය ඇඩ්වෙන්චර් එකක් වගේ පෙනුනට, කතාව ඉස්සරහට යද්දී හිතාගන්න බැරි තරම් අඳුරු (Dark) සහ ලේ වැගිරෙන තැන් වලට යනවා. පාවාදීම්, රහස් සංවිධාන එක්ක මේක සිරාම සීරියස් කතාවක්.

ඉතින් යාලුවනේ, අලුත්, ගේම් එක වෙනස් කරන Action/Mystery ඇනිමේ එකක් හොයනවා නම්, Daemons of the Shadow Realm කියන්නේ අනිවාර්යයෙන්ම ලිස්ට් එකේ උඩින්ම තියාගන්න ඕන එකක්! 🤗

Author

උපසිරැසිකරණය

අංජන ප්‍රදීප්
Anime Club Sub Team

Daemons of the Shadow Realm
Daemons of the Shadow Realm
Daemons of the Shadow Realm
Daemons of the Shadow Realm
Daemons of the Shadow Realm
Original title 黄泉のツガイ
TMDb Rating 10 3 votes
First air date Apr. 04, 2026
Last air date Apr. 04, 2026
Seasons 1
Episodes 24
Average Duration 24 minutes

Similar titles

NIPPON SANGOKU: The Three Nations of the Crimson Sun
Grand Blue Dreaming
Tokyo Ghoul
SANDA
Super Cube
My Hero Academia: Vigilantes
BAKI
Monster
Orb: On the Movements of the Earth
Violet Evergarden
The Beginning After the End
The Fragrant Flower Blooms with Dignity

(3) comments

  • LasithaApril 7, 2026Reply

    Supiri 🖤

  • LasithaApril 7, 2026Reply

    NiyMai

  • ttApril 9, 2026Reply

    Eka eposide ekada tiyenne

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

බාගත කල වීඩියෝවක් play නොවේ නම් mx/vlc වැනි ප්ලේයර් එකක් පාවිච්චි කරන්න. ලැග් වීමක් සිදුවේ නම් Desktop mode දාගන්න.

X