
ඔන්න අද මම අරන් ආවේ MHA ෆෑන්ස්ලා විතරක් නෙමෙයි, ඕනම ඇනිමේ ඇක්ෂන් වලට ආස කෙනෙක්ට පිස්සු හැදෙන සුපිරිම මූවි එකක්. ඒ තමයි “My Hero Academia: Heroes Rising”. 😚
මේක නිකන්ම නිකන් කතාවක් මැදට දාපු ෆිල්ම් එකක් නෙමෙයි. MHA මංගා එක ලියපු Kohei Horikoshi ම කියලා තියෙනවා, මේ ෆිල්ම් එකේ අවසානය එයා මුලින්ම MHA මුළු කතාවම ඉවර කරන්න හිතාගෙන හිටපු ප්ලෑන් එකක් කියලා. ඉතින් හිතාගන්නකෝ මේක කොච්චර පිස්සුවක්ද කියලා
කතාව පටන් ගන්නේ Class 1-A එකේ ළමයි ඔක්කොම එකතු වෙලා දුර තියෙන “නබු” (Nabu) කියන සාමකාමී දූපතකට යන එකෙන්. එතන ප්‍රෝ හීරෝස්ලා කවුරුත් නෑ, මේ ළමයි ටික තමයි ඒ දූපතේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳලා හීරෝස්ලා විදිහට වැඩ කරන්නේ. හැමදේම ලස්සනට, ආතල් එකේ යනකොට තමයි අපේ මේන් විලන් — Nine ගේමට එන්ටර් වෙන්නේ.
මේ Nine කියන්නේ නිකන්ම නිකන් විලන් කෙනෙක් නෙමෙයි. මිනිහට All For One ට වගේම වෙන අයගේ Quirk (බලයන්) උරාගන්න පුළුවන් අමුතුම බලයක් තියෙනවා. එයා මේ දූපතට එන්නේ Katsuma කියන පොඩි ළමයෙක්ගෙ Quirk එක උරාගෙන අසීමිත බලයක් ලබාගන්න.
ගොඩක් වෙලාවට අපි දකින්නේ Deku, Bakugo, Todoroki විතරක් ෆයිට් කරනවනේ. හැබැයි මේකේ පන්තියේ ඉන්න ළමයි 20 දෙනාම තමන්ගේ උපරිම බලය දාලා, පට්ටම ප්ලෑන් ගහලා Nine ගේ කට්ටියත් එක්ක ෆයිට් කරනවා. හැම චරිතෙටම වැඩක් පෙන්වන්න අවස්ථාවක් දීලා තියෙනවා.
තව මේකේ ඇනිමේෂන් ගැන නම් කතා කරලා වැඩක් නෑ. විශේෂයෙන්ම අන්තිම විනාඩි 20 ඇතුළේ තියෙන ෆයිට්ස් දැක්කම ඇස් දෙක පියාගන්න අමතක වෙනවා. ඒ තරමටම ස්මූත්, ඒ වගේම කලර්ෆුල්.
ෆයිට් එකේ උච්චතම අවස්ථාවේදී ප්ලේ වෙන “Might+U” සිංදුව ඇහෙද්දී නිකන්ම ඇඟේ හිරිගඩු පිපෙනවා. සටනක දරුණුකමයි, හැඟීම්බර බවයි දෙකම එකට මුසු කරපු පට්ටම මොහොතක් ඒක.
ඉතින්, ඔයා තාමත් මේ Heroes Rising මූවි එක බැලුවේ නැත්නම්, අදම මේක බලන්න. මේක නිකන්ම ඇක්ෂන් ෆිල්ම් එකක් නෙමෙයි, නියම වීරයෙක් වෙනවා කියන්නේ මොකක්ද කියලා පෙන්වන සුපිරිම කතාවක්! 🔥
